Monday, July 29, 2013

හඳුනා ගැනීමේ පරීක්ෂණ

ඇල්කීන
-දියරය Br2 හෝ ccl4 හි දියකළ දියරය සමඟ එකතු කළ විට Br2 වල දුඹුරු පැහැය විවර්ණ වේ
-ආම්ලික KMnO4 එකතු කළ විට දම් පැහැය විවර්ණ වේ.
-සිසිල් ෂාරීය KMnO4 එකතු කළ විට දම් පැහැය කොළ පාට වන අතර කලු අවක්ෂේපයක් සෑදේ

ඇල්කයින
-Br2 දියරය හෝ CCl4 හි දියකළ Br2 දියරය සමඟ එකතු කළ විට Br2 වල දුඹුරු පැහැය විවර්ණ වේ
-ආම්ලික KMnO4 එකතු කළ විට දම් පැහැය විවර්ණ වේ.
-සිසිල් ෂාරීය KMnO4 එකතු කළ විට දම් පැහැය කොළ පාට වන අතර කලු අවක්ෂේපයක් සෑදේ
-Hg2+ ,  ත. H2SO4  දමා රත් කළ විට ලැබෙන ඵලය කාබනයිල් පරීක්ෂන සඳහා පිළිතුරු ඩේ.
-ආම්ලික හයිඩ්‍රයිඩ  ඇති ඇල්කයින
  • @ ඩ්‍රව සෝඩියම් හෝ NaNH4 තුළට යැවු විට සුදු අවක්ෂේප
  • @ කියුප්‍රස් තුළට යැවු විට දුඹුරු අවක්ෂේප
  • @ ඇමෝනීය AgNO3 සමඟ ලා කහ හෝ සුදු අවක්ෂේපයක්

බෙන්සීන්
-විශේෂ ක්‍රම නැත

ඇල්කයිල් හේලයිඩ්
-Na සමඟ වියලනය කර ලැබෙන ඵලයට AgNO3 හෝ Pb(NO3)2 හෝ එකතු කළ විට සුදු හෝ ලා කහ අවක්ෂේප

මධයසාර 
-අධික විද්යුත් ධන මූල ද්‍රවය දැමු විට H2 පිට වේ
-සා. H2SO4 හෝ Al2O3 සමඟ රත් කර ඇල්කීන සඳහා පරීක්ෂාවල් සිදු කරයි
-H+ උත්ප්‍රේ රක ලෙස ඇති විට, කාබොක්සීල් අම්ල සමඟ ප්‍රතික්‍රියා කළ විට සුවදක් ඇති එස්ටර සාදයි
-නිර්ජලීය ZnCl2  හා සා. HCl  එකතු කළ විට තෲතීක අම්ලතාව ඉක්මනින්ද, ද්විතික විනාඩි 10 කින් ද, ප්‍රාතමික අම්ලතාව ලබා නොදේ.

පිනෝල්
-අධික ධන මූල ද්‍රවය සමඟ පිට කරයි
-අම්ල උත්පේරක හමුවේ කබොක්සිල් අම්ල සුවදැති ද්‍රවය සාදයි
-Br2 දියරය දැමූ විට ලා කහ පාට හෝ සුදු අවක්ෂේපයක් සාදයි.
-පහල උෂ්ණත්ව වලදී ත.HNO3 හා Na2CO3 එකතු කල විට වායු බුබුළු පිට වේ
-ෂාරීය සිසිල් මාධයේදී බෙන්සින් ඩයසෝනියම් ක්ලෝරයිඩ් සමඟ රතු අවක්ෂේපයක් සාඳයි.


ඇල්ඩිහයිඩ

-ෆේලින් ද්‍රාවනය සමඟ රත් කළ විට ගඩොල් රතු අවක්ෂේපයක්
-ටොලන් ප්‍රතිකාරකය සමඟ රිදී කැඩ පතක්
-බ්‍රේඩි ප්‍රතිකාරකය සමඟ තැඹිලි හෝ කහ අවක්ෂේපයක්

කීටොන
-2,4-ඩයිනයිට්‍රෝෆෙනිල් හයිඩ්‍රසින් සමඟ තැඹිලි අවක්ෂේපයක්

කාබොක්සිල් අම්ල
-අම්ල උත්ප්‍රේරක හමුවේ මධයසාර සහ ෆිනෝල සමඟ ප්‍රසන්න ද්‍රවය සාඳයි
-විද්යුත් ධන මූල ඩ්‍රවය සමඟ H2
-කාබනේටයකට දැමූවිට CO2
-ඇරෝමැටික කාබොක්සිල් අම්ල ජලයේ අද්‍රාවය සුදු ඝනයක්

ඇමයින
NaNO2 සහ තනුක HCl සමඟ ප්රතික්රියා කරවා ලැබෙන ඵලයට ලූකස් ප්රතිකාරකය දැමුවිට වෙනස් කාලවලදී අම්ලතාවය ලැබේ. (ප්රාතමික ඇමෙන පමණි )


ඇනිලීන්
-Br2 දියරය දැමූ විට සුදු හෝ ලා කහ අවක්ෂේපයක්
-0-5 අතර උෂ්ණත්වයකදී සහ තනුක සමඟ ප්‍රති ක්‍රියා කරවා ලැබෙන ඵලයට සිසිල් ක්ෂාරීය මාධයේදී ෆිනෝල් දැමූ විට රතු පාට අවක්ෂේපයක් ලැබේ.

ඇමයිඩ
-භෂ්මයක් සමඟ රත් කළ විට NH3 පිට වේ
-අම්ලයක් සමඟ රත් කර විද්යුත් ධන මූල ද්‍රවයක් දැමූ විට හයිඩ්‍රජන් පිට වේ.

අම්ල ක්ලෝරයිඩ
-ජලය දැමූ විට සුදු දුමාරයක් පිට වේ
-Pb(NO3)2 සමඟ උණු ජලයේ ද්‍රාවය සුදු අවක්ෂේපයක්
-AgNO3 සමඟ සුදු අවක්ෂේපයක්
-වායුගෝලයට විවෘත කලවිට සුදු දුමාරයක් පිට වේ.

4 Comments:

At January 2, 2014 at 9:40 AM , Blogger Unknown said...

thank you meka hadapu ayata

 
At January 6, 2014 at 5:51 PM , Anonymous Anonymous said...

Godak watina lipi tikak thiyenne. thank you. puluwannam A/L biology walatath lipi danna. Eka godak watinawa.

 
At November 11, 2019 at 6:27 AM , Blogger Unknown said...

Aththatama godak watinawa meka , thnz meka hadapu kenata

 
At November 11, 2019 at 6:27 AM , Blogger Unknown said...

Aththatama godak watinawa meka , thnz meka hadapu kenata

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home