Monday, April 17, 2017

රාජගිරියේ හොල්මන් ඔෆිස් එකේ කාන්තාවක් බඩ කපාගෙන අත් දෙකත් කපාගෙන ලිපියක් ලියා තබා අභිරහස් ලෙස මියගිහින්

කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසක විවාහක කාන්තාවක් තම දෙඅත් හා උදරය කපාගෙන ඉතා අභිරහස් ලෙස මරුමුවට පත්වීමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා.

සිංගප්පූලිආරච්චිගේ දොන් ප්‍රියන්ති කුමුදුනී (45) නැමැති විවාහක කාන්තාවක් මෙලෙස මියගොස් සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී වැඩිදුර පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත බැව් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත දැන්වීය.

මියගිය කාන්තාව රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පරිපාලන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නී ය. සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සාක්කි කැඳවීමේදී අධිකරණය වෙත කරුණු දක්වමින් එම පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරි බමුණුආරච්චිගේ උමේෂ් මධුෂාන් (30) මෙසේ පවසා තිබේ.

“අප ආයතනය ජපානයේ අයිතිකරුවකුට අයත් එකකි. මිය ගිය මරණකාරිය අප ආයතනයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබනවා. මීට පෙර මෙම ආයතය ඇතුළුකෝට්ටේ පවත්වාගෙන ගිය අතර පසුව මෙම බුත්ගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසකට පැමිණියා. මෙම නිවසේ ඉතා අමුතු දේවල් සිද්ධ වෙනවා. වැසිකිලියට ගොස් වතුර වසා පැමිණියත් වතුර යන ශබ්ද ඇසෙනවා. අමුතු ශබ්ද ඇසෙනවා. මේස පුරා කුණු ජරාවලින් තවරා තිබෙනවා. දිනක් මරණකාරියගේ කෑම පාර්සලයේ මාළු කෑල්ල නැතිවෙලා තිබුණා. අපි මේ ගැන අයිතිකරුට දන්වනු ලැබුවා. පසුව අයිතිකරු ගොඩනැගිල්ලේ හිමිකරුට දන්වා තිබුණා. පසුව සති දෙකකට උඩදි කට්ටඩි වැඩක් කෙරුවා. මේ 08 වැනිදා මරණකාරිය රාජකාරියට පැමිණ ‍දොඩවන්නට පටන් ගත්තා. ඒ අනුව අප ඇයගේ සැමියා හට මේ බැව් දැනුම් දීමෙන් පසුව ඇයව සැමියා ගෙන ගියා.”

මිය ගිය මරණකාරියගේ සැමියා වන එස්. ඒ. ඩී. ශාන්ත කුමාර (49) යන අය සාක්කි දෙමින් මෙසේද කීය.

''අප විවාහ වී දැනට වසර 18ක් පමණ වෙනවා. අපට දරුවන් නැහැ. බිරිය රාජගිරිය පෞද්ගලික ආයතනයක ලේකම්ධුරයේ වැඩ කරනවා. බිරියගේ කාර්යාලයෙන් දුරකථන ඇමැතුමකින් පසුව මා බිරියව නිවසට ගෙන ආවා පෙරවරු 8.30ට. ඇය මද වෙලාවක් නිදාගෙන නැවත රැකියාවට යා යුතුයි කියා කිව්වා. මා ඒ අනුව ඇයව ආයතනය වෙත ගෙන ගියා. පසුව නැවතත් උදේ 10.30 පමණ නිවසට පැමිණ නිදාගෙන සිටියා. දහවල් 12.00 පමණ ආයතනයේ උමේෂ් යන අය පැමිණ මුදලින් රුපියල් 25,000ක් මා වෙත ලබා දුන්නා. ඒ ඇයගේ වේතනය බවද දන්වා සිටියා. පසුව මා ගරාජය වෙත ගියා. ඉන් අනතුරුව දහවල් 01ට පමණ බිරිය කතා කළා. ශබ්දයක් ආවේ නැහැ. මා නිවසට ඇතුළු වී කාමරය වෙත ගියා. එහි ඇය නොසිටි නිසා කුස්සිය වෙත ගොස් බලන විට ඇය මුනින් අතට වැටි ලේ ගලමින් සිටියා. මා එසැණින්ම කොළඹ ජාතික රෝහලට ගෙන ගියා. මා ඇයගෙන් මොන තරම් විමසුවත් ඇය කිසිවක් කිව්වේ නැහැ.”

සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය අධිකරණය වෙත මියගිය මරණකාරිය විසින් ලියා ඇති සටහන් කීපයක් ඉදිරිපත් කළේය. එහි ඇය මෙසේද සඳහන් කැර තිබිණි.

“මම වරදක් කළේ නැහැ. උමේෂ් වරදක් කළෙත් නැහැ. මම හිතල හිතලා කලබල වුණා. මම නිර්දෝෂයයි. නමුත් මගේ කලබලය නිසා මගේ මනස අවුල් වුණා. ඇත්තටම මාව මානසිකව වැටිලා. මට ආයතනයේ වැඩ කරන්න බයයි.
ප්‍රියන්ති”

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත‍් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ලබන මස 31 වැනිදාට විභාගය කැඳවීමට තීරණය කළේය

බිහිසුණු හුනියමේ කලුකොට මිනිහෙක් නිසා වලව් පෙළපතක්‌ මුළුමනින් වැනසුනේ මෙහෙමයි

ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්‌තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්‌කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්‌ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස්‌ අස්‌සේ කළු කොට මිනිසෙක්‌, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස්‌ අස්‌සේ ඉන්නේ

මේ කතාවට පසුබිම දැනට අවුරුදු පණහකට පමණ පෙර වෙයි. ඒ දිනවල මම පුහුණු උපාධි උපගුරුවරයෙක්‌ ලෙස ගලේවෙල මහා විද්‍යාලයේ සේවය කළෙමි. නාගරික පරිසරයක පිහිටි විදුහලේ ගුරුවරුන්ට නවාතැන් ගැනීමට නගරයේ ඉඩකඩ තිබුණේ නැත. විදුහලේ ඉඩ ඇති කුඩා කොටස්‌වල විදුහල්පතිගේ අවසරය ඇතිව නැවතී ටවුමේ හෝටලයකින් තුන් වේලට කෑම බීම වෙන වෙනම බාස්‌කට්‌වලට ලබා ගෙන ආහාර ලබා ගතිමු. බොහෝ විට විදුහලේ තැන් තැන්වල නැවතී සිටි හා විදුහල කිට්‌ටුව වෙනම නැවතී සිටි තුරුණු බොහෝ ගුරුවරු සවසට අප නැවතී සිටි විද්‍යාගාරයට එකතු වී බිම මෙට්‌ට හෝ පැදුරු එලාගෙන කාඩ්ස්‌ සෙල්ලම් කරමින් පැරැණි රසකතා කියමින් විනෝදවීම පුරුද්දක්‌ විය.

අප අතර සිටි බණ්‌ඩාරනායක ඇඟපතින් කෙට්‌ටු පෙනුමෙන් කුඩා සිරුරක්‌ ඇත්තෙකි. එහෙත් මුකරිකමෙන් වඩාත් ඉහළ වූයේ ඔහුය. මියුරු හඬින් ඔහු එදා ජනප්‍රියව තිබූ හින්දි ගී ගායනය කරයි. කතාවක්‌ කියන විට අතපය සොළවා අංගචලන යොදා රසවත් කරයි. ඔහුගේ නම දිග වැඩි නිසා අප ඔහු හැඳින්වූයේ " බණ්‌ඩාර" යන කෙටි නිමිනි.

එදා පැහැදිලි අහසේ ගොම්මන් අඳුර කපාගෙන අටවක සඳ පළුව විසිතුරු ලෙස පායා තිබූ දිනයකි. ගුරුවරු දහදොළොස්‌ දෙනෙක්‌ විද්‍යාගාරයේ රැස්‌ව සිටියහ.

" අද මම උඹලට ලස්‌සන කතාවක්‌ කියන්නම්. මේක ඇත්තටම අපේ පවුලට සිද්ධ වුණු කතාවක්‌."

ඔහු කොට්‌ටය බිත්තියට තබා හාන්සි වී සිගරට්‌ දුම්ගුළියක්‌ පා කළේය. "උඹලා, දැකල ඇති අපේ මහගෙදර, පල්ලේපොළ ඉඳලා එන පාරේ පාර අද්දරම ලොකු පරණ ගේ. ඒකේ දැනුත් මහා පාළු මුසල පෙනුමක්‌ තියෙන්නේ. අපේ මහගෙදරට කවුරුත් කිව්වේ වළව්ව කියලා. අත්ත මුත්තලා හොඳට ඉඩ කඩම් තිබුණු වලව් පැළැන්තියේ අය. අපේ පප්පට හිටියා සහෝදර සහෝදරියන් දහ අටක්‌ කවුදෝ හතුරෙක්‌ මහා වෛරයකට යකෙක්‌ බැඳලා අපේ මහගෙදරට එවලා තිබුණා.

ඊට පස්‌සේ මහගෙදර හොල්මන් විමානයක්‌ වුණා. මේ යකා එනකොට දම්වැලක්‌ කකුලේ බැඳලා දම්වැල ඇදගෙන එන සද්දේ මුලින්ම ඇහෙනවා. මගේ ඇහැට මේ යකා දෙපාරක්‌ දැක්‌කා. එදා පප්පා අම්මා නංගිලා, මල්ලිලා ඔක්‌කොම කලින් කෑම කාලා දොර වහගෙන නිදි. මම ඉස්‌තෝප්පුවේ ඇඳක ඇලවෙලා හිටියා. දන්නෙම නැතුව ඔරලෝසුවේ රෑ දොළහ වැදුණා. ඈතින් දම් වැලක්‌ ඇදෙන සද්දේ ඇහෙන්න වුණා. ටිකෙන් ටික සද්දේ ළඟට ආවා. සද්දේ මම හිටපු ඉස්‌තෝප්පුවට ආවා. මම හිටපු ඉස්‌තෝප්පුවේ එක බිත්තියක්‌ එක පැත්තකට බිමට පෙරලුණා. තව බිත්තියක්‌ තව පැත්තකට පෙරලුණා. බිත්ති හතර පෙරළිලා වැටුණේ හතර පැත්තකට. මම මර හඬ දී ගෙන ඉස්‌තෝප්පුවෙන් පැනලා ළඟ තිබුණු සමුපකාර කඩයකට ගොඩවෙලා අතින් ලෑලිවලට ගහගෙන ගහගෙන ගියා. කඩේ මැනේජර් මට බැණ බැණ ලෑලි දෙක තුනක්‌ ඇරියා."

"අනේ, හරි හදිස්‌සියක්‌. අපේ ඉස්‌තෝප්පුවේ බිත්ති හතර පැත්තට බිඳ වැටුණා. ගේ ඉවරයි. යමු පොඩ්ඩක්‌ බලන්න. ගෙදර නිදාගෙන හිටපු අයට මොනවා වුණාද දන්නේ නෑ."

"අපි දෙන්නම ගියා. ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්‌තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්‌කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්‌ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස්‌ අස්‌සේ කළු කොට මිනිසෙක්‌, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස්‌ අස්‌සේ ඉන්නේ"

කඩහිමියා විදුලි පන්දම රැගෙන ඒ දිහාවට විදුලි පන්දම ඇල්ලුවා. කෝ මොකෙක්‌වත් නෑ. තමුසේට විකාර. මට පේනවා මුදලාලිට මොනවත් පේන්නෑ ටික වේලාවකින් ඌ නොපෙනී ගියා. එදා මම නිදා ගත්තේ සමුපකාර කඩේ."

බණ්‌ඩාර කතාව නවතා වටපිට බලයි.

"ඇයි උඹලා බයද?"

"ඔය කාලේ වලව්වේ යකෙක්‌ ඉන්නවා කියලා මුළු ගමේම පැතිරිලා ගියා. අපේ ගේ ළඟින් යනකොට කළු කොට අවතාරයක්‌ දැකලා හුඟ දෙනෙක්‌ සිහි නැතිවුණා. ඒ අයට සිහිය ආවේ යකැදුරෙක්‌ ඇවිත් තෙල් සාත්තු කළාම."

අටවක සඳ වලාවකින් වැසී යයි. බණ්‌ඩාර දුම් ගුලියක්‌ පිටකර බිත්තියට තදින් හේත්තු වෙයි. විද්‍යාගාරය ඉදිරිපිට ඇති මයිල ගහේ හෙවණැල්ල මිදුලේ අඩක්‌ වසා ගනියි.

"මුලින්ම මේ යකා දැකලා තියෙන්නේ ගමේ අලිකාරයෙක්‌. හැන්දැවේ වැඩ ඇරිලා අලියා ගහේ බැඳලා ගෙදර යනකොට අපේ ගේ ළඟ යකඩ දම්වැලක්‌ ඇඳෙන ශබ්දය ඇහිලා මනුස්‌සයා බයවුණා. එයා හිතුවේ අලියා කඩාගෙන එනවා කියලා. මනුස්‌සයා හැරිලා බලන කොට කළු කොට මිනිහෙක්‌ දම්වැලක්‌ ඇදගෙන මිදුලේ ඇවිදිනවා. එයාගේ හිත ගැස්‌සුණා. ඔයින් මෙයින් ගමේ කිසි කෙනෙක්‌ තනිවම හැන්දෑවේ පාරට බැස්‌සේ නෑ.

ගමේම අය කතා කළේ ගමන් බිමන් ගියේ බියෙන්. රෑ පැල් රකින්ට යන පිරිමි හොල්මන්වලට බය නෑ. රා බීලා උල් පිහියක්‌ අත් පොරොවක්‌ කෙටේරියක්‌ අරගෙනයි පැලට ගියේ. ටිකෙක්‌ ටික ඌ මේ පැල් රකින අය ළඟටත් යන්න පුරුදු වුණා. රෑට පැලේ ගිනිමැලයක්‌ ගහගෙන සීත තපින කොට යකා පැලකට ගොඩ වෙනවා."

"රාළේ ගිනි තපිනවද?" කියාගෙන එතැන ඉඳගෙන ටික වේලාවක්‌ ගිනි තැපලා හපන්න බුලත් විටක්‌ ඉල්ලනවා. රෑට පැලට ආපු කෙනෙකුට කවුද කියලා හොයලා බලන්නේ නැතිව සළකන එක මිනිසුන්ගේ පුරුද්ද. බුලත්විට කාලා ටික වේලාවකට ගොවිරාළ කුරහන් රොටී පුච්චනවා. බඩගිනි නෑ. තේ උඟුරක්‌ බොමු කියලා ඌ උණු තේ බීලා නැඟිටිනවා මේ රෑ කොහේ යන්නද? ඔන්න ඔහේ හිටපන්. පැල්කාරයා කියනවා. බෑ රාළේ. වළව්වට ගිහින් එන්නම්. පොඩි බණ්‌ඩාර මහත්තයා හම්බවෙන්න ඕනකමක්‌ තියෙනවා. මෙහෙම ටික දවසක්‌ යනකොට පැල්කාරයොත් රෑට තනිවම පැල් රකින්න බය වුණා. යකා රෑට හේනේ පැලට ගොඩවෙලා කාලා බීලා වළව්වේ කෙනෙකුගේ නම කිව්වම පහුවදා උදේ එයා අකාලයේ මියෑදිලා ඇඟ නිල් පාට වෙලා ඇස්‌ ඇරගෙන බයවෙලා මැරිලා."

"තවත් දවසක යකා තවත් පැලකට ගොඩවෙලා සීපද කිය කියා හිටි ගොවියෙක්‌ එක්‌ක කතාවට වැටිලා තේත් ඉල්ල ගෙන බීලා. මට වළව්වේ සුදු මැණිකේ පණිවිඩයක්‌ එවලා තිබුණා. රෑ වුණා වැඩියි. ඒත් ගිහින් එන්නම් කියලා පිටත්වෙලා හොඳට හිටපු ළමිස්‌සී ඉහෙන් බහින රෝගයක්‌ තිබුණේ නැති අපේ කුඩප්පගේ දුව සුදුමැණිකේ පහුවදා වෙනකොට මැරිලා. උඹලා ඔක්‌කොම බය වෙලා වගේ"

"ඉතින් මොකද වුණේ?" ජයතිලක අසයි.

" ඉතුරු කතාව කියන්න සිගරට්‌ එකක්‌ දීපන්

සිගරෙට්‌ටුව දල්වා ගත් ඔහු යළි කතාව අරඹයි.

"ගමේ හුඟදෙනෙක්‌ අපේ ගේ ළඟින් යන එක නැවැත්තුවා. ඕනෑම වුණොත් කීප දෙනෙක්‌ එකතුවෙලයි රෑට ගියේ. දම්වැල් යකාගේ කතාව අවට ගම්වලත් පැතිරිලා ගියා. මැරූ ඔක්‌කොම අපේ පවුලේ අය. පිට කවුරුත් මැරුවේ නෑ. මරන්න ඉස්‌සර දවසේ ඌ නම කියලා ගියොත් පහුවදා උදේ එයා මැරුම් කාලා. අපේ පප්පගේ අයියලා. මල්ලිලා විස්‌සකට වැඩිය මැරුම් කෑවා. මේ ඔක්‌කොම මරණ සිද්ධ වුණේ මාස තුනක්‌ ඇතුළත.

දන්න තරම් යන්තර මන්තර තොවිල් කළත් පවුලේ මරණ අඩු වුණේ නෑ. ඔහොම ඉන්න කාලේ එක දවසක්‌ මම අපේ මහගෙදර ගියා. මට ඔය හොල්මන් කිසි ගාණනක්‌ නෑ. රෑට කාලා මම ඉස්‌තෝප්පුවේ නිදා ගත්තා. ගෙදර අය ඔක්‌කොම තද නින්දේ. එක පාරටම ඉස්‌තෝප්පුවේ දොර ඇරුණා. මට හොඳට මතකයි. මම මොකද කියලා බලන්න දොර ළඟට ගියා. මගේ හිත අර පරණ සිද්ධිය මතක්‌ වෙලා අවුල් වුණා. එකවර දොරවල් දෙකම ඇරුණ මගේ ඇගේ ඩාදිය වතුර වගේ ගලන්න වුණා. දම්වැල් සද්දේ එක්‌කම අඩි සද්දය ඇහුණා. කොට - කළු ඇඟ පුරා රෝම තියෙන ඌ ඇවිත් මා දිහා බැලුවා. ඇස්‌ දෙක ගිනි ගුලි දෙකක්‌ වගේ. ඌ දිව දික්‌ කළා. රතුපාට දිව අඩි දෙකක්‌ විතර දිගට දික්‌වුණා. දැනුත් මතක්‌ වෙනකොට ඇඟ හිරිවැටෙනවා. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. ඒත් කටෙන් සද්දේ පිටවෙන්නේ නෑ.

විනාඩි තුනකට විතර පස්‌සේ ඇරුණු දොරවල් එක එක වැහුණා. යකා ආපසු යන සද්දේ අඩි සද්දේ දම්වැල් සද්දේ මට ඇහුණ මම බය යට කරගෙන ටෝච් එකක්‌ අරගෙන දොර ළඟට, ගියා. මම බලන කොට ඌ ගේට්‌ටුව ඇරගෙන එළියට යනවා. මට සිහිය ආවේ දවස්‌ දෙකකට පස්‌සේ, තෙල් මතුරලා නූල් බැන්දට පස්‌සේ. මේ වන කොට අපේ පවුලේ තව ඉතිරිවෙලා හිටියේ පප්පයි තව එක බාප්පා කෙනෙකුත් විතරයි. ඒ දෙන්නටත් උණ හැදිලා දොඩවනවා. මෙහෙම ඉන්න කොට යන්තර මන්තර ගුරුකම් වලට නම් දරාපු හාමුදුරු කෙනෙක්‌ ගැන පණිවිඩයක්‌ ලැබුණා. අපි හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. හාමුදුරුවෝ තෙල් - නූල් මතුරලා දුන්නා. ඒවා ගෑවම දෙන්නගේම උණ බැස්‌සා. ගෙවල් ළඟ තියෙන කතරගම දේවාලයකට ගිහින් පප්පයිs බාප්පයි එක්‌ කරගෙන ගිහින් යාතිකා කරලා හාමුදුරුවෝ මන්ත්‍ර බලෙන් ලෙඩ්ඩු සනීප කරලා ඒ දෙන්නගේ ජීවිත රැකලා දුන්නා. ඊට පස්‌සේ අපිට ඕනෑ වුණා කවුද මේ යකා? ඇයි මෙහෙම වුණේ කියලා? දැනගන්න. හාමුදුරුවෝ නමක්‌ බැලුවා. අපේ නමෙන් කියපු දේ හරි පුදුමයි. පප්පගේ ලොකු අක්‌කා කෙනෙක්‌ හිටියා. නෑකමට මගේ ලොකු නැන්දා. මේ නැන්දා බැඳලා දුන්නේ මාතලේ දුහුල්ලෑව නැන්දාට දෙනවා කියලා පොරොන්දු වෙච්ච දෑවැද්ද පවුලේ අය එකතුවෙලා දුන්නේ නෑ. මනමාලයා රවට්‌ටලා.

තරහා ඉහවහ ගිය මනමාලයා නැන්දගේ පරම්පරාවෙන්ම පලිගන්න පරම්පරාව නැති කරන්න යකෙක්‌ බැඳලා එවලා. තුන්මාසෙකදී පවුලේ ඔක්‌කොම නැති කරන්න ඌට පවරලා."

හාමුදුරුවෝ ඊළඟට බැලුවා කවුද මේ දම්වැල බැඳපු යකා කියලා. දැන් අවුරුදු දෙසීයකට විතර ඉස්‌සර මේ පැත්තේ අපේ මුතAතා වන රටේ මහත්තයෙක්‌ ඉඳලා තියෙනවා. මේ රටේ මහත්තයාට හිටිය ඉටි රූපේ වාගේ ලස්‌සන දුවක්‌. දුටු දුටු අය එයාගේ රූපෙට වශී වුණා. දවසක්‌ වලව්වට ආපු කුලෙන් අඩු තරුණයෙක්‌ මේ දුව දැකලා හිත ගිහින්. ඒත් ඒක වෙන දෙයක්‌ නොවෙයි. ඒ දවස්‌වල ගම්වල කුල බේදය බොහෝම දරුණුයි.

අර තරුණයා වලව්වට යන එන රිදී නැන්දා අතේ රටේ මහත්තයාට විවාහ යෝජනාවක්‌ යෑව්වා. රටේ මහත්තයාට ඇති වුණේ පුදුම කේන්තියක්‌. ඔක්‌කොම අවුල් වලට මුල මේ හැතිරී කියලා අර තමුන්ගේ ඉටි රූපේ වාගේ ලස්‌සන දුව අපේ වලව්ව ඉස්‌සරහා තිබුණු වතුර වළක බලෙන් ඔබාගෙන හිටියා. එයා වතුර පෙවිලා පියා එක්‌ක වෛරයෙන් මිය ගියා.

දැන් පරම්පරාවෙන් පලිගන්න පරම්පරාවේ විසිදෙනෙක්‌ බිලි ගත්තු යකා වෙලා උපන්නේ රටේ මහත්තයා. දියේ ගිල්ලවලා මරපු එයාගේ දුව. අන්තිමේ පරම්පරාවෙන් ඉතිරි වුණේ අපේ පප්පයි අපේ බාප්පයි විතරයි යකාගෙන් බේරිලා ඉතිරි වුණේ."

"උඹලා දැන් හොඳටම බයවෙලා නේද ඉන්නේ? බය නම් යන්න එපා ගෙවල්වලට. මේ ඇවිත් තියෙන කෑම ටික බෙදාගෙන කාලා විද්‍යාගාරයේ නිදා ගනිල්ලා." බණ්‌ඩාර කතාව නවත්වයි. අටවක සඳ වැසී ගොස්‌ කළු වලා අහස පුරා පැතිර ඇත, බණ්‌ඩාර කිවු කතාව මාස ගණනක්‌ යනතුරු අපේ හිත්වල මැවී පෙනුණි. ඒ මතකය අදටත් ඉතිරිව ඇත.

වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ 
එස්‌. කේ. ජයවර්ධන

Sunday, April 16, 2017

6-5=2 යන හින්දි චිත්‍රපටයට පාදක වු සත්‍ය කථාව

2010 පෙබරවාරි මස 23 වන දා නව දිල්ලියේ සිට තරැණයින් 5 දෙනෙකු හා තරැණියන් දෙදෙනෙකු ගෙන් සමන්විත මිතුරැ කණ්ඩායමක් එක්තරා වනාන්තර ප්‍රදේශයක (මෙම වනාන්තර ප්‍රදේශය අද වන තුරැ ඉන්දීය රජය විසින් ප්‍රකාශයට පත් කර නොමැත  ) චාරිකාවකට පිටත් වෙි.
          ඔවුන් කණ්ඩායම අදාල වන පෙදෙසට ඇතුළු වන තෙක් තොරතුරු ඇතත් ඉන්පසු අබිරහස් ලෙස ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් සඳහන් නොවෙි.
දින දෙකකට පසු එක් තරැණයෙක් වන සංරක්ෂණ නිලධාරීන් විසින්  සොයා ගත්තද සෙසු අය පිලිබඳ පැවසිමට තරම් සුදුසු මානසික තත්ත්වයක ඔහු ⁣සිට නොමැත.
            දවස් 6කට පසු පෙබරවාරි 28 වන දින මෙම කණ්ඩායම ට අයත්  පිරිමි මල සිරැරැ 2ක් හා එක් කාන්තා මලසිරැරක් හමුවිමත් සමග මෙි අබිරහස පිලිබඳ වැදගත් හෝඩුවාවක් ද හමු වේ.  ඒ ඔවුන් රැගෙන ගිය කැමරාව යි.
එහි පටිගත වි තිබු දර්ශන නැරඹු සියලු දෙනා විශ්මය ටත් භිතියටත් පත් වුයේ නොසිතූ ලෙසයි.
එහි පටිගත වි තිබු ආකාරයට ඔවුන් ගේ සංචාරය මුල් දිනයේ දැඩි ලෙස අසනිප වු එක් අයෙක් නතර කර අනෙක් අය සංචාරයට පිටත් වි තිබේ. පසුව ඔවුන් කැලය මැද මිනි හිස් කබල් එල්ලන ලද ගසක්  ලඟ රාත්‍රි ය ගත කරන අතර ඉන් පසු කැමරාව ට අපැහැදිලි ලෙස දර්ශනය වන අද්භූත යමක් ඔවුන් ලුහුබැඳ පැමිණෙයි.   කැලයෙ අතරමං වි සිටින මොවුන් දඩයම් කරන ඒ අද්භූත රැව මොවුන් සියලු දෙන කෘර ලෙස ඝාතනය  ආකාරයද සටහන් වි ඇත.
        කෙසේ වෙතත් මෙම සිද්ධියෙන් පසු ඉන්දීය රජය මෙම වන පෙදෙස තහනම් කලාපයක් බවට පත් කර ඇත.  නමුදු ඉන්දියානු සිනමා ආයතනයක් මගින් 2014 වර්ෂයේ මෙි පිලිබඳ  යමි සිමාවන් ට යටත් ව සිනමා නිර්මාණයක් ද කර තිබේ. වැදගත් කරැණාව නමි එම චිත්‍රපටය තුළ මෙම සිිද්ධියට සම්බන්ධ කැමරාව තුළ පටිගත වු රැප රාමු සංස්කරණයන් සමග ඇතුළත් කර තිබිමයි.

6-5=2  නමි මෙම චිත්‍රපටය නැරඹිමෙන් ඔබට මේ පිලිබඳ අවබෝධයක් ලබා ගත හැක.

මහාබලසම්පන්න සින්හලතෙල් ලැබුණු සැටි

කොණ්ඩදෙණියේ සීලරතන හිමියෝ කුඩා සාමණේර කාලයේ සිටම කිසිවෙකුත් අත නොගසන දුවිලි පිරුණු පුස්කොළ පොත් පෙරල පෙරලා පිටුවක් හැර කියන්න සමත් විය. මෙසේ ප්‍රගුණ කළ මන්ත්‍ර ශාස්ත්‍රය මැදිවිය වන විට උපිරිම තාලයකට පත්වී ඇතැයි උන්වහන්සේටම අවබෝධ වන්නට විය.
කාගේවත් අවධානයට ලක් නොවුණු කෑලෑබද ගල් පර්වතය අසල කුටියකට වී උන්වහන්සේ කිරීමට සුදානම් වන්නේ මහා සත්‍යක්‍රියාවකි. ප්‍රදේශය වියලී ගොසිනි. සිසිලක සේයාවක් නොමැති. තද හිරුරැස් ඇගට උල් අනින්නාක් මෙන් දැනිනි. කෙත්වතු පාඵය. වනරොද මලානික විය.
කොණ්ඩදෙණියේ සීලරතන හිමියෝ තමන් උගත් දෙයින් ප්‍රයෝජන ගැනීම සදහා රජවරුන් පවා පරිහරණය කළ ගල්කුල දෙස බලා මන්ත්‍ර ජපකරන්නට විය.
“ඕං දහිරික් කොංඩේ අරක්කට්ටු නිලි කුල තම්බියා ධළවිල පුට්ටු නාගධාරණ සෙල්ලුම් රීරි විල කළඹවා කරකවා විගස වර වර ඒස්වාහඃ ඕං නමෝ වැදු අම්මා ඇති කළ අම්මාගේ වම් තැනේ නිය අගින් කඩා ඇති වූ රීරි යක්ෂයා මෙමා දෙන පුදවාලක්කම් බලා විගස වර වර එස්වාහඃ”
යාගය අවසාන් වීමට ආසන්නයේ සිහින් පොද වැස්සක් වසින්නට පටන් ගත්තේය. ක්‍රමයෙන් එය දෙගුණ තෙගුණ වෙමින් දහවල අදුරු මහ රැයක් විලාසයෙන් දිස්විය. කෙළවරක් නොමැති විදුලි කෙටිමද ගෙරවිලිද එමටය.
මහා අකුණු සැරැයක් පතිත විය. ඒ සමගම මහා ගල්කුළ දෙපළුව ගියේය.
හාමුදුරුවන්ට මෙතෙක් කලක් නොපැවැතිය ජීව සම්පන්න භාවයක් එක්වී තිබිණි.
ගල්කුල විවරය තුළින් රත්තරන්පාට බුදුපිළිමයක් හා සිංහ තෙල් බෝතල් හතරක් හිමියන්ට උරුම විය.ඒ සමග පරණ පුස්කොළපොත් රාශියක් ද එතැනින් හමු විය.
දරුවකු ලැබුණු මවක මෙන්ද තාමත් රචනා කළ ග්‍රන්ථය මිද්‍රණයෙන් නිකුත්වී ඇති අයුරු ප්‍රථම වරට දුටු ලේඛකයකු මෙන්ද ඒ දෙස බලා සිටි කොණ්ඩදෙණියේ හාමුදුරුවෝ තමන් පුර්ව ජම්ම වලදී කළ කුසල කර්මයක ප්‍රතිඵලයක් ලෙස මේවා උරුම වුයේ යැයි උන්වහන්සේ සිතුහ.
තමා ලද මේ වරමින් හැකි උපරිමයෙන් මහජන සුවසෙත සැලැස්වීමට ඉටා ගත්හ. බුද්ධ බලයත් දේව බලයත් තමන් ස්වෝත්සාහයෙන් උගත් මන්ත්‍ර ශාස්ත්‍රයත් වෙදකමත් හෙදකමත් උපයෝගී කරගෙන කොණ්ඩදෙණිය හිමි අස්සක් මුල්ලක් නෑර තම බලය පතුරවා ලීමට අධිටන්කර ගත්හ. බොහෝ අය තමන්ගේ මේ බලය බිද හෙළීමට යන්ත්‍ර මන්ත්‍ර උපයෝගී කර ගත්තද කිසිවෙකුටවත් අංශු මාත්‍රයකින්වත් ඉඩක් නොලැබිණ. එම සතුරු බල තම දෙපා මුල වන් දුවිල්ලක් තරමට පත් කිරීමට උන්වහන්සේ සමත් විය.

කුළී ඇදුමින් පැමිණි මාරයා

ඇඟලුම් කම්හලක තරුණ ළඳක් සේවය කළාය.ඇගේ වේතනය සෑහුනේ ආහාර හා නවාතැන් කුලි සඳහා පමණි.එබැවින් ඇගේ පොහොසත් මිතුරියක ගේ විවා මගුලකට ඇරයුම් ලද විට කළ යුත්තේ කුමක් දැයි ඇය නොදත්තාය ඇගේ දුක්බර දිවියෙන් මොහොතකට මිදී සතු‍ටු වීමට මගක් පෑදී ඇත.එහෙත් උත්සවයකට සරිලන නවීන පන්නයේ ඇඳුමක් මිලදී ගැනීමට හෝ ඊට සුදුසු රෙදි කැබැල්ලක් මිලදී ගෙන ඇඳුමක් මසා ගැනිමට හෝ ඇයට වත්කමක් නොතිබිණි. 💰💰💰💰  ඇය මෙම ගැටලුව තවත් මිතුරියකට පවසා ඇගෙන් උපදෙස් පැතුවාය.              
" ගැලපෙන ඇඳුමක් කුලියට ගන්න."  ඇගේ පිලිතුර විය.      ඇය එදින සවසම නගරයේ ඇඳුම් කුලියට  දෙන සාප්පුවකට පිවිසුණාය.සාප්පුවේ පි‍ටුපස කෙලවර පු‍ටුවක දමා තිබූ අලංකාර රෝස පැහැති සැටින් ගව්මක් ඇගේ නෙතට හසුවිය.එම අසුන මතම කුඩා, රිදී පැහැ පෙට්ටියක  බහාලූ, ඇඳුමටම ගැලපෙන, කරාබු හා  කුඩා මාලයක් අඩංගු විය.දැරිය හැකි මිලකට ඇයට ඒ සැම එක් දිනකට කුලියට දීමට  සාප්පුව හිමිකරු එකඟ වූයේය.   
පස් වනක් ප්‍රීතියෙන් පිනා යමින් උත්සවය පැවැත්වීමට නියමිත දින සවස් යාමයේ ඇය ඇඳුම නිවසට ‍රැගෙන ආවාය.               👗👗👗රෝස පැහැ සැටින් ඇඳුම ඇඳ, ගැලපෙන අබරණද පැළඳ, 💍💍💍ඇය කැඩපතට එබී බැලුවාය.කැඩපතෙන් ඇය දෙස නෙත් නොහෙලා බලා සිටියේ , බැබලෙන කම්මුල්වලින් හෙබි, නොනිමි සතුටකින් කුල්මත් වුන පියකරු යුවතියකි. සාදයේදී අන් අයගෙන් ලැබිය හැකි ප්‍රතිචාර සිහි වන විට ඇගේ සිත වේගයෙන් ගැහිණි. 😍😍😍😍මනාව  පුයර උලා, කැඩපතෙන් නැවත අඩුපාඩු පිරික්සා යාමට හැරෙන විට ඇයට යම් අපැහැදිලි හඬක් ඇසිණ.ඇය මඳක් කන් දී ,කිසි සද්දයක් නොමැති තැන, නැවත යාමට හැරුණාය.               " මගෙ ගව්ම දියන්. "   ඇයට ඇඟ කිලි පොලා යන හඬක් ඇසිණ.  ඇය සිටි තැනම ගල් ගැසුණාය.ඇගේ නෙත්,  කතා කල තැනැත්තා සොයමින් කාමරය සිසෑරීය. කිසිවෙක් සිටියේ නැත.                        ඇය තමාටම සිනාසුනාය. සිතේ ඇති චකිතය, මවා පාන දේවල හැටි!             ඇය අඩියට දෙකට පඩි පෙල බසිමින්, කැබ් රියක නැග උත්සව සාලවට පිවිසුණාය. ඇගේ මිතුරියෝ ඇයව නැ‍ටුම් ශාලාවට කැඳවා ගෙන ගියහ.යන මග දෙපස ඇගේ පෙනුමට ලොල් වූ බොහෝ ඇස් ඇය දු‍ටුවාය.ඉන් ඇගේ සිත උද්දාම විය. ඇය සින්ඩරෙල්ලාවක මෙන් කාලයෙන් උපරිම පල නෙලමින්, අනෙකුන් සමග සතු‍ටු වුණාය.               නැ‍ටුම් අතරතුර ඇයට කෙමෙන් වර්ධනය  වන හිසරදයක සළකුනු දැනෙන්නට වන. තත්පර කිහිපයක කාමරය කැරකෙන්නා සේ ඇයට දැනිණ.ඒ හා සමගම, තම කාමරයේ දි ඇගේ සිත කීරි ගැස්සූ, බියකරු  මිමිනිල්ල නැවත ඇසිණ.                  "හොඳ හිතින් මගේ ගවුම මට ආපහු දියන්."                            ඇය, තමා අසළ සිටින්නන්ට  සන්තෝස මුහුනක් පෙන්නීමට තැත් කලද, එය නිශ්ඵල උත්සාහයක් විය.හිස බර ගතිය වැඩි වී, කෑ දේ  වමනය කිරීමට තරම් අපුල ගතියක් ඇයට දැනිණ. තම නැ‍ටුම් සහකරුවාට මුසාවක් පවසා ඇය හනිකට උත්සව ශාලාවෙන් පිට වුණාය. මහත් අපහසුවෙන් කැබ් රියක නැගුන ඇය තම කාමරයට පිවිසියේ පඩි පෙල දිගේ බඩ ගාමින් මෙන්ය.                       වෙවුලන ඇඟිලිවලින් කාමරයේ අගුලු ඇරි ඈට කාමරය හරහා ඇවිද යාමට වත් සවියක් නොතිබිණි. කාමරයේ ඇද වැ‍ටුන ඇය දෑත්වලින් බඩ ගා යමින්, ඇඳට වැ‍ටුනාය. ඇගේ සිහිය විකල් වී යාමට ආසන්න විය. බියකරු හඬක් ඇගේ හිස පුරා ගිගුරුම් දුන්නේය. ඇය තම හිස බිත්තියේ හප්පා ගත්තාය.               "මගෙ ගවුම දියන්. උඹ ඒක හොරකම් කලේ මලවුන්ගෙන්."                    පසු දින උදැසන ඇය තම ඇඳ  මතම මියැදී සිටියාය.                                           කලින් දා ඇය සමග විනෝද වූ ඇගේ මිතුරියනට එය මහත් ප්‍රහේලිකාවක් විය. මරණ පරීක්ශණයක් කැඳවිණ. ඇගේ මරණයට හේතුව, එම්බාම් දියරය ශරීර ගත වීම බැව්  අනාවරණය විය. මරණ පරීක්ශණයට පැමිනි නිලධාරීහු ගවුම කුලියට ගත්, රිසිට් පත ඔස්සේ,  සාප්පු හිමිකරුගෙන් හරස් ප්‍රස්ණ ඇසීම ඇරඹූහ.                          ඒ අනුව, තරුණ කත සාදයට හැඳි ගවුම, අන් කිසිවක් නොව,  මිනි පෙට්ටිය ඇණ ගසා, වැලලීමට මොහොතකට පෙර, කාන්තා මළ සිරුරකින් ඉවත් කර ගත්තක් බැව් අනාවරණය විය.