Sunday, April 16, 2017

එල්ලී මියගිය ගැඹ්ණි පෙම්වතිය

සර් කලාපෙ කෙල්ලෙක් ෆැක්ටරිය ඇතුලෙ එල්ලිලා මැරිලා.
ඒ ඇමතුම ලැබුනේ කටුනායක පොලිසියටය.
තරුනිය එල්ලී මියගිය ස්ථානයට පොලිසිය ගියේය. එම කම්හල කොරියන් ලංකා නම් විය.
මේ කෙල්ල කම්පැනි එකේ කොල්ලෙක් එක්ක යාලුවෙලා ඉදලා තියෙන්වා. ඒ කෙල්ලට කොල්ලගෙන් ලමයෙක් හම්බවෙන්න ඉදලා තියෙනවා. ඒ කොල්ලා කම්පැනි එකෙන් පැනලා ගිහින් තියෙනවා මේ හේතුව නිසා. අනාථ උන කෙල්ල දෙමව්පියන්ට මූන දෙන්න බැරුව බෙල්ල වැල දාගෙන මිය ගිහින් බවයි කියන්නේ.
පස්සේ කාලෙක මේ කොම්පැනි එක වහලා දානවා.
ඉන් පසු කාලෙක 2009 වර්ශයේ සීදූවෙ තිබූ සමාගමක් මේ වසා දැමූ කම්හලේ ස්තාපිත කරනවා. ඒ කියන්නේ මම වැඩ කරපු කම්පැනි එක.
ඉතා වටිනා කනිජ වර්ගයක් ලංකාවට ගෙන මෙහි නිපදවීම් කරනවා. ( නම කියන්නේ නැත්තේ මේක ලංකාවේ ඉතා ප්‍රසිද්ද ආයතනයක් නිසා)  මෙම ආයතනයේ නිලදාරියෙක් වැසිකිලිය වෙත යාමේදී එහි දොර ඇරුනේය. ඔහු එය ගනනකට නොගත්තේය. තවත් අව්ස්ථාවල වැසිකිලියට ගිය පසු පිටතින් දොර ගුලු දමා ඇත. මෙය ඔවුන් ඒතරම් ගනන් ගෙන නැහැ. මෙහි විශේශත්වයක් වන්නේ කිසිම දාක මෙවැනි සිදුවීම් කාන්තාවන්ට සිදුවී නැහැ.

මේ කම්පනි එකේ තියෙන මැෂින් වර්ගයක් පැය විසිහතරම ක්‍රියාත්මකව තිබෙනවා. ඒ හින්දා රෑ වැඩ කරන්නත් ඕන සෙක්ෂන් එකක් තියෙනවා.  මෙහෙම වැඩ කරන දවසක පොඩි විවේකයක් ගැනිමට හිතාගෙන තුන් දෙනෙක් විවේක කාමරයට ඇවිත් තියෙනවා. එතකොට පාන්දර 2.30 විතර ඇතිලු. එකපාරටම ඉතා ශීත සුලගක් මොවුන්ගේ ඇගේ දැවටිලා තියෙනවා. ඒත් එක්කම මෙයාලට කතාකරන්න බැරිවෙලා තියෙනවා. තමුන්ගේ කකුල් වලින් කවුද අදිනවා වාගෙ තේරුනාලු. මේක තුන් දෙනාටම දැනිලා තියෙන්වා. අනේ කවුද මගේ බෙල්ල මිරිකනවා කියලා එක්කෙනෙක් යක්ශාරූඩ වෙලා. ඔහු දිහා බැලූ අනිත් දෙදෙනා ඉතා බය වී ඇති අතර ඔහුගේ මුන ඒතරම් බයංකාර ස්වරූපයක් ගෙන ඇත. නියපොතු දිගට වැවුනු ලෙස තිබී ඇත. මෙම යක්ශාරූඩ වූ තරුනයා අනිත් තරුනයන්ගේ බෙල්ල මිරිකන්නට උත්සාහ කර ඇත. මේ අතර සිටි තරුනයෙක් ඔහුට පහර දී ඇති අතර ඔහුගේ අතේ ලේ තැවරී ඇත. නමුත් තුවාලයක් වී නැත. බය වූ මොවුන් දෙදෙනා ආගිය අත දිවූ අතර මෙය ඇසුනු තවත් කම්හලේ පිරිසක් පැමින ඔහුව තදින් අල්ලා බුදු මැදුර වෙත ගෙන ගොස් ඇත. යම් සුවයක් ලැබූ ඔහුව ඉක්මනින් ඉස්පිරිතාලයට යවා ඇත.

පසු දින උදම්මිට පන්සලේ හාමුදුරුවන්ට තරුනයාව පෙන්වූ හිමි පවසා ඇත්තේ මොහු දරුනු යක්ශ දෝෂයකට ගොදුරු වී ඇති බවය. මේ අතර ආයතනයේ සිටි ඉහල නිලදාරින් මොවුන් කලේ බොරුවක්ද බැලිමට කැමෙරා පරික්ශා කලේය. ඔවුන්ගේ ඉහ මොල රත්වී ගියේය. යම් අත්භූත රුවක් වහලයේ සිට මොවුන් සිටි කාමරය දෙසට ඇදී යන අන්දම දැක ඇත. එවිට විදුලි පහන් පවා ගැස්සීමට ලක්වී ඇත. ඒ අවස්තාවේ එම චායාව තරුනයන් දෙදෙනෙකුගේ ඇගට රිංගා ගැනිමට තැත් කර ඇති අතර බලවේගයට රිංගා ගැනීමට හැකි වී ඇත්තේ එක් තරුනයෙකුගේ සිරුරට පමනය. මෙයින් බිය වූ අපගේ ඉහල නිලදාරින් පසුදිනම පිරිත දේශනයක් පවත්වා, ක්‍රිස්තියානි ආගමට අනුව පූජාවක්ද පැවැත්වූයේය. එයින් පසුව ආයතනයේ රෑ වැඩ නවතා දැමුවේය.

දැන් එම ස්තානයේ අපගේ ආයතනය නැත. මෙය සිදුවූයේ මා හොදින් හදුනන යහලුවෙකුටය. අප ඔහුගෙන් ඒ ගැන විමුසුවේද නැත. එය ඔහුට පීඩනයක් වනු නිසාය.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home