එදා හවස රා මුට්ටියකුත් අතේ අරන් සියාතුවා අබරං අප්පුලා ගෙ ගෙදර ආවා..
"හ සියාතුවෝ මොකො මේ හැන්දෑ ජාමේ මේ පැත්තේ,හා අද වාසියකුත් තියෙනවා වගේ"
"නැතුව නැතුව මුදලාලි"
" හා හා වරෙන් වරෙන් එහෙනම් ගෙට"
"අපොයි මුදලාලි මේක මෙහෙම නම් බොන්ට බෑ අද නම් වල් ඌරු මස් කෑල්ලක් වත් තියෙන්ට ඕනෑ.."
"මේ වෙලාවේ කොහෙන්ද බොල වල් ඌරු මස් මේ ගොම්මන් වෙලාවේ මහ මූකලානේ රිංගලා වල් ඌරු මස් හොයන් එන්නේ කවුද?."
"ඕන් ඔන් ඉතින් මුදලාලි වැඩේ මඟ අරිනවා නොවෑ,මුදලාලි ඉතින් මහ එකාටවත් බය එකෙක් නෙවෙයි නොවෑ"( මහ එකා කීවේ මහසෝන් යක්ශටයායි"
"කට කට තෝ මේ වෙලාවේ මහ එකාගෙ නම් මතක් කොරන්නේ තොට පිස්සුද ?..
" නෑ ඉතින් මං කිව්වේ වල් ඌරු මස් කෑල්ලක් කන්ට ආස නිසා නොවෑ"
" අනේ තොගේ වදෙ ගනින්කො එහෙනම් ඔය තුවක්කුව සුද්ද කොරලා"
සියාතුගේ පෙරත්නය නිසාවෙන් අබරං මුදලාලි මහ රෑ ජාම් වල් ඌරෝ මරන්ට මූකාලානට යන්න සූජානම් වෙයි.එයට අවශ්‍ය කලමනා සේරම ලෑස්ති කරගෙන අබරං මුදලාලි සියාතුවත් එක්ක මූකලානට රිංගයි.. වල් ඌරෝ යන එන තැන් දන්න මුදලාලි හා සියාතු කලුවරෙම මඟ බලාගෙන ඉදියි එක පාරටම ඌරෝ රංචුවක් දුවන්න පටන් ගත්තයෙන් මුදලාලි එක ඌරෙකුට වෙඩි තැබුවේයෙන් ඌරා මරු විකල්ලෙන් දඟලමි සිටියි...තවත් වෙඩි පහර දෙකක් ඔලුවට එකල්ල කල මුදලාලි ඌරාව අවසන් ගමන් යැව්වෙ අනුකම්පාව රහිතවය..
"ඉක්මන් කරපන් සියාතුවෝ ඉක්මන් කරපන් ඔය පොලු කෑල්ලට මූව තද කරලා ගැට ගහපන්"
කඩිමුඩියේ මරා ගත් ඌරා පොල්ලක ගැට ගසා මුදලාලි ඉස්සරහින්ද සියාතු පිටිපස්සෙන්ද ඌරා කර මත තබා යයි... කලුවර කෑලෑව මැදින් ගෙනයන ඌරාගේ බර සියාතුට ටිකෙන් ටික බර වැඩිවෙන ගතියක් දැනෙන්නට පටන් ගනි එන්න එන්නම බර වැඩි උන නිසාවෙන් සියාතු මුදලාලි ට කතා කරයි.
" මුදලාලි මේකේ බර එන්න එන්නම් වැඩි වෙනවා නේ"
"උස්සන් වරෙන් බොල,කෙඳිරි ගානේ නැතිව"
ඌරාගේ බර එන්න එන්නම වැඩි වෙන නිසා සියාතු ඌරාව බිම තබන ලෙස මුදලාලි ට කියයි..පසුව මුදලාලි පසු පසින්ද සියාතු ඉස්සරහ පසින්ද ඌරාව උසවන් යයි..මුදාලාලිට ද බර වැඩි වෙන ගතියක් දැනෙයි..
"ඔහොම පොඩ්ඩක් ඉදහන් සියාතුවෝ" මෙසේ කියමින් ඌරු කඳ බිමින් තබා මුදලාලි හති හරියි...
"මෙකේ බර එන්න එන්නම වැඩි වෙනවා නේ බං.."
"ඒක තමා මුදලාලි මාත් බැලුවේ,මොකො ඒ කියලා."
මෙසේ කතා කර කර ඉන්න අතර තුර ගසක අත්තක් සෙලවෙන හඬක් ඇසෙයි..ටික වෙලාවකින් ගස උඩ කවුරු හරි ඉඳන් ඔවුන් දිහා බලා සිටින බවක් දෙදෙනාටම දැනෙයි..සියාතු toch එක ගසා බැලුවත් කවුරුත් පේන්නට නෑ.. නමුත් අදුරේදි කිසිවක් සිටන බවක් ඔවුන්ට දැනෙන ගනී..වෙලා තියෙන සිදුවීම මුදලාලිට තේරුම් ගිය නිසා සියාතුද රැගෙන ඉක්මන් ඌරු කඳත් උස්සන් යයි...
" අපට මහ එකාගේ දිශ්ඨි වැටිලා වගේ,ඉක්මන් කරපන් මෙතනින් ඉක්මනින් වහුන් වෙමු.."
සියාතු හා මුදලාලි කොතරම් උත්සහ කරත් සිටි තැනෙන් අඩි 20 වත් යා ගන්නට බැරි වෙයි..යලිත් නැවති ඌරු කඳ බිමින් තැබු දෙදෙනා හති හරියි..අසළ ගල් තලාවට නෙත් හෙලු සියාතුට මෙවර කලු උස කෙනෙකු තමන් දෙස බලා සිටින බවක් දකින්නට ලැබෙයි..මේ ගැන සියාතු මුදලාලි ට සැල කල හෙයින් මුදලාලි තිරණයක් ගනී..
" කරන්න දෙය නෑ බං උගේ කොටහ උට දෙනකම් අපිට මෙතනින් යන්ට ලැබෙන්නේ නෑ.." මෙසේ කියනවත් සමඟ විශාල ඌරු මස් කැබල්ලක් කපා බිම දා ඉතිරිය අරන් යන්න හදයි..ටික දුරක් යන විට ටිකෙන් ටික ඌරු කඳ පස්සට අදින බවක් මුදලාලි ට දැනෙන්න ගනී...යලිත් නැවති වට පිට බැලු ඔවුන්ට දක්නට ලැබුනේ තමනට පසුලා හෙන සිටන් සිටින යෝධ ශරීරය ක් හෙබි කාල වර්ණ පුද්ගලයකුගේ බියකරු දර්ශනයකි...ඌරු කඳ මෙතනින් එහාට ගෙන යෑමට බැරි වග තෙරුම් ගත් මුදලාලි ඌරු කඳ බිම තබා කිණිස්සද පෙරටු කරගෙන රෑ ජාමේ නිවස බලා ගියේය.. ඊට දවස් ගානකට පසු සියාතු හා අබරං මුදලාලි හමු වූ දවසක පැවසූයේ..එදා ඌරු කඳට මහසෝන් දිශ්ඨි ය වැටි තිබු බවයි..
No comments:
Post a Comment