ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

රට ඉදන් ආපු රූපා 😂

සිරිදිරිස් කියන්නේ කුලී වැඩ කාරයෙක්. මිනිහගේ ගෑනි රූපා. පොඩි ලමයෙකුත් මේ ඩබලට හිටියා. ගෙදර අග හිග කම් ඕනවට වඩා වැඩි වෙන්න ගත්ත නිසා රූපා තීරනය කරා රට යන්න. සිරිදිරිස් අප්පූ මේ වැඩේට අකැමති වුනත් සල්ලි හිග නිසා අන්තිමට වැඩේට කැමති උනා.

ඔන්න ඉතින් රූපා රට ගියා. එහේ රූපට වැඩ කරන්න හම්බුනේ සුද්දෙක්ගේ ගෙදර. ඉතින් රූපට මුල් කාලේ අන්ජ බජල් වගේ. ඇයි ඉංග්‍රිසී තේරෙන්නැනේ. ඔන්න ඉතින් ඔහොම අවුරුදු පහක් විතර යනකොට රූපටත් ඉංග්‍රීසී පුලුවන් උනා. ඉතින් අවුරුද පහකට විතර පස්සේ ඔන්න රූපා තීරනය කරා ගෙදර යන්න.

ඔන්න ගෑනි වෑන් එකක ඇවිත් ගමෙන් බැස්සා. ඒ කාලේ ඇන්ද රෙද්දයි හැට්ටෙයි නෙවෙයි දැන් හොද ටයිඩ් ඩෙනිමකූයි ටී ශර්ට් එකකුයි තමයි ඇදලා හිටියේ. සුන්ග්ලාස් දෙකකුට් දාගෙන ඔන්න ගෑනි ගමේ පාර දිගේ ඇවිදන් එනවා. ගෑනි හිතන් ඉන්නේ ගෑනි හෙන පොශ් කියලා. ඔන්න ඔහොම ඇවිදන් යනකොට ගමෙ ඉන්න සොත්ති මල්ලි කියලා කොල්ලෙක් පාර දිගේ බයිසිකලේ පැදගෙන එනවා.

සොත්ති මල්ලි පිබගෙන පැදගෙන එනකොට රූපා පාරට පැන්නා. "හේයි සොත්ති බ්‍රදර් වට්ස් අප් මෑන්?? අයි ඈම් ජස්ට් ගොට් ටු ද ශ්‍රි ලංකා."

සොත්තියට තරු විසි උනා. උට බයිසිකලේ බ්‍රේක් එක අමතක උනා. බයිසිකලේ කඩාගෙන ගිහින් වලක වැටුනා. සොත්තියා විසි වෙලා උඩීන් ගිහින් පොල් ගහක වැදුනා. උගෙ ඇ* 2 පොල් ගහේ කදේ වැදිලා ඌ කලන්තේ දාල කරටිය මුල ඇදගෙන වැටුනා.

රූපාට ගානක් නෑ. ඔන්න ගෑනි ආයිත් ගෙවල් පැත්තට යන්න ගත්තා. ඒ යනකොට ලග ගේක ඉන්නවා සිරිපාල මාමා කියලා අවුරුද 60ක විතර සීයා කෙනෙක්. සිරිපාල මාමා පොල් වගයක් ලෙලි ගගා හිටියේ. රූපා පිටිපස්සෙන් ගියා.

"හේයි සිරිපාල බ්‍රදර් හව් ආර් යූ ෆිලීන්??"

සිරිපාල දැම්මා උදැල්ල පැත්තක, ගත්තා සරම කරට, පු*ත් එලියේ දාගෙන දිව්වා පස්ස වත් බලන්නැතුව ගේ ඇතුලට.

ඔන්න දැන් රූපා ආවා ගෙදරට. සිරිදිරිස් අප්පු ඉස්සරහ සාලේ ඉදන් සුරුට්ටුවක් උර උර බර කල්පනාවක. රූපා ගියා ලගට

"හලෝ මිස්ට සිරිදිරිස් අෆ්ෆූ හව් ආර් යූ??"

සිරිදිරිස් අප්පුට සිරුට්ටුව ඉස්මොල්ලේ ගියා. දුම් කනෙන් ආවා.

"ඈ බොල රූපෝ. තොය අමු කැවිලද?"
"අමු? වට් ඉස් අමු??"
"යකෝ තො කසිප්පු ගහලද? :D
"කසිපු වට් ඉස් කසිපු? ඩූ යූ වෝන්ට් ටු ආස්ක් මී සම්තින්?
"ආස්මී හදන්න තෝ හිතුවද මේ අවුරුදු කාලේ කියලා හිට්පන් තොට.....

සිරිදිරිස් අප්පු පොල් පිත්තක් අරන් ආවා. රූපට තේරුනා වැඩ වරදින්න යන බව.

"අනේ මගෙ දෙයියෝ ගහන්නෙපා අම්මෝ."

රුපා කෑ ගගහා වත්ත වටේම දුවන්න ගට්ට. ඔන්න රූපගේ ඉංග්‍රීසී.

No comments:

Post a Comment