ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

වෙනමුකුත් නැද්ද 😂

එක බිරිඳක් ෂොපිං එහෙම ගිහින් හවස ගෙදර ඇවිත් කාමරේ දොර ඇරියා විතරයි.. මෙන්න තමන්ගෙ මනුස්සයා තරුණ කෙල්ලෙක් එක්ක ඇඳේ බුදියගෙන ඉන්නවා!
නෝනාට යකා නැඟලා පයින් පාරක් දීලා මිනිහා ඇහැරෙව්වා. "තමුසේ මට මෙහෙම දෙයක් කරන්නෙ කොහොමද! මම තමුන් එක්ක කොච්චර විශ්වාසෙන් ද හිටියේ.. " කියලා බැණ අඬගාන්න ගත්තා...
"නෑ .. නෑ... ඔයා හිතන දේ නෙවෙයි මෙතන වුනේ.. පොඩ්ඩක් මම කියන දේ අහන්න විනාඩියක්.." මිනිහා කියන්න ගත්තා..
"හරි! එක විනාඩියයි.. ඊටපස්සෙ මම තමුන්ගෙ ඇහැටවත් නොපෙනෙන්න යන්නම යනවා" නෝනා කිව්වා.
මිනිහා කතාව කිව්වා..
"මම වැඩ ඇරිලා එනකොට මේ තරුණ කෙල්ල පාර අයිනේ ඉඳන් ලිෆ්ට් එකක් ඉල්ලුවා. මම ඉතින් දාලා යන්න බැරි නිසා වාහනේට නග්ගා ගෙන එක්කන් එන කොට එයාට බඩගිනියි කිව්වා.. ඉතින් මම ගෙදර ලඟම නිසා ගෙදරට එක්කන් ඇවිත් පාන් වගයක් කන්න දුන්නා. එයා යන්න පිටත් වෙලා මට ගොඩක් ස්තුති කරලා ඇහුවා.. එයාගෙ ඇඳුම් කිළු‍ටු වෙලා නිසා වෙන ඇඳුමක් නැද්ද කියලා. මම ඉතින් ඔයා පාවිච්චි නොකරන ඇඳුම් දෙකක් එයාට පරිත්‍යාග කලා.
ආයෙත් කෙල්ල ඇහුවා ඔයා පාවිච්චි නොකරන සෙරෙප්පු එහෙම නැද්ද කියලා. මම ඉතින් අර ඔයා පාවිච්චි නොකරන සෙරෙප්පු කුට්ටමකුත් දුන්නා..
නෝනා ඉවසීමෙන් අහන් ඉඳලා අන්තිමට ඇහුවා.. "ඒ ඔක්කොමත් හරි, ඉතින් මේ ගෑනි තමුසෙ එක්ක ඇඳට ආපු හැටි කියනවා.."

"මේක නේ උනේ.. ඔය ඔක්කොමත් අරගෙන අන්තිමට කෙල්ල ඇහුවානේ නෝනා පාවිච්චි නොකරන වෙන මුකුත් නැද්ද" කියලා...

No comments:

Post a Comment