ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

කෘතිම සිංචනය 😂

එක්තරා ගොවිමහත්තයෙකුට එළදෙනක් හිටියා. මේ එළදෙන කාළයකින් අලුතෙන් පැටියෙක් වැදුවෙ  නෑ. මේ නිසා ගොවි මහතා හිටියෙ අප්සට් එකේ. ඉතින් ගොවියා මේ ගැන ගිහින් කිව්වා අදාල බලධාරියාට : වැයික්කිය බාර පශු වෛද්‍ය තුමාට.

“අනේ දොස්තර මහත්තයො මගේ වැස්සි දැන් කීප විටක් නාම්බෙක් එක්ක පට්ටි ගැහෙන්න තියාල තිවුවා, නමුත් වැඩේ හරි ගියේ නෑ.."

පශු වෛද්‍යවරයා කිව්ව මෙහෙම :
"ආ.. ඕක සුලබ තත්ත්වයක්, ඕක පහසුවෙන් විසඳ ගන්න පුළුවන්, අපි ඒ.අයි. එකක් කරමු"

ඒ. අයි. කිව්වෙ Artificial Insemination (කෘතිම සිංචනය). වෙනත් ගවයෙකුගෙන් ගත්තු බීජ වැස්සියකගේ ගර්භාශයෙ තැන්පත් කරන කටයුත්තට තමයි AI කියල කියන්නෙ.
“එලදෙනව කො‍ටුවකට දාල ගැට ගහල, සූදානම් කරල තියන්න. මම අහවල් දවසෙ ඇවිත් වැඩේ කරල දෙන්නම්."

ඔන්න කියපු දවසෙ පශු වෛද්‍යතුමා අවශ්‍ය උපකරණ එහෙම ඇරගෙන ගියා ගොවි මහත්තයගෙ ගෙදර. ගොවි මහත්තයා ඉස්සරහට ඇවිත් පිළිගත්තා.

"සර් ඔන්න වැස්සි නාවල කො‍ටුවට දාලා ගැට ගහල එහෙම තියෙන්නෙ. දඟලන්න බෑ. කොහොමත් ඌ එහෙම දඟලන සතෙක් නෙවෙයි. මම කො‍ටුවෙ ඇණයකුත් ගහල තියෙන්නෙ."

"හා.. හොඳයි ලොකු මහත්තය, බොහොම හොඳයි, නමුත් මොකටද අර ඇණයක් ගැහුව කිව්වෙ?" පශු වෛද්‍යවරයා ඇහුවා.

"ආ.. ඇයි, මහත්තයගෙ කළිසම එල්ලන්න නේ"

No comments:

Post a Comment