ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

කවිකාර හැන්දෑව 😂

ගිම්හානේ එක් සති අග සැඳෑවක
ඔබ මා අසල හිඳ මගෙ පුටු ඇන්ද මත
කොඳුරා සුපෙම් බස් තෙපලන මහිම සඳ
දැනුනා ජීවිතය කොතරම් සුන්දර ද

මා අත ඇගේ නිතඹ මත නිතැතින් රැඳුනා
සිප සිප ඇගේ ලමැදට මගෙ මුදු තොල් අඟිනා
සපමින් ඇගේ සියොලඟ පෙම් බස් කොඳුරමිනා
මත් විමි පෙම් අමා මදූ මී විත පුරවමිනා

සසලවිනි ඇගේ හැඟුමන් විකසිත වූ දඟිනා
හිඳගති ඈ මගේ උකුල මත කරවට අතක් දමා
සිප  මා වත දෙතොල් සපමින් වියරුවෙනා
ඇදුනෙමු අනන්තය අපේ ලොව වෙත පාවෙමිනා

අප බැඳි සියුම් සීමාවන් විසුණුවුනා
ගැහෙනා හදින් මා ඇය දෑතින් එසවූවා
සතපා සයනයේ ඈ හා තුරුල් වුනා
සියොලඟ උනුසුමෙන් තව තව වියරු වුණා

සුරඟනක් විලස මෙනි ඈ මා මත හිඳගත්ගේ
දෙව්ලිය සෙමින් වරලස ලිහුවා  ඈ පිට මත්තේ
සපා තම තොලඟ ඇසකින් ඉඟි මැරුවේ
වැටහුණි ලඳේ දැනුනා මා ඇදෙනා බව සුරාන්තේ

අදිමින් මගේ හිසකේ  ඈ හෙමිහිට පහත් වුනා
මා හිස තදින් රිදෙනා පසක් වුණා
"පැටියෝ හෙමින්" මා දෙතොලඟ විවර වුනා
සැනෙකින් හිසේ කැක්කුම මගෙ වැඩිවූවා

"තෝ අද මගෙන් කනවා ගුටි මේ දැනගන්
පාඩම් කරනවා කිය කිය තෝ දැං නිදි කිරපන්
තව තව හීන බල බලා මගුලුත් දොඩපං
තේ ටික බීලා දැංවත් පාඩම් කරපං "

මා නෙත් විඩාවෙන් හෙමිහිට විවර වුනා
පුටු ඇන්ද මත තේ කෝප්පය තිබුණා
ඉඳකිං අම්මා ඇවිදින් හීනෙත් කෑවා
හෙමිහිට සැලෙන දෙතොලින් තේ එක ‍තොල ගෑවා

සැන්දෑ අඳුර හෙමිහිට දොරඟින් ඇදෙනා
සිසිලෙන් තනිකමින් මා සිත නිසල වුනා
තේ එක ඇන්ද මත තබා මා ඒ දෙස බැලුවා
කාටුන් රූප ඇඳි කෝප්පය ඒ මත තිබුනා

කවිකාර හැන්දෑව කොතරම් සුන්දරද
තනිකම හොඳයි තනියට කොතරම් සැනසුමද
නරියත් කන්න බැරි මිදි ගැන හිතුවේ මේ වගෙද
ben 10 කෝප්පෙන් තේ බොන මට මොන පෙම් දම්ද

No comments:

Post a Comment