Monday, April 17, 2017

රාජගිරියේ හොල්මන් ඔෆිස් එකේ කාන්තාවක් බඩ කපාගෙන අත් දෙකත් කපාගෙන ලිපියක් ලියා තබා අභිරහස් ලෙස මියගිහින්

කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසක විවාහක කාන්තාවක් තම දෙඅත් හා උදරය කපාගෙන ඉතා අභිරහස් ලෙස මරුමුවට පත්වීමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා.

සිංගප්පූලිආරච්චිගේ දොන් ප්‍රියන්ති කුමුදුනී (45) නැමැති විවාහක කාන්තාවක් මෙලෙස මියගොස් සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී වැඩිදුර පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත බැව් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත දැන්වීය.

මියගිය කාන්තාව රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පරිපාලන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නී ය. සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සාක්කි කැඳවීමේදී අධිකරණය වෙත කරුණු දක්වමින් එම පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරි බමුණුආරච්චිගේ උමේෂ් මධුෂාන් (30) මෙසේ පවසා තිබේ.

“අප ආයතනය ජපානයේ අයිතිකරුවකුට අයත් එකකි. මිය ගිය මරණකාරිය අප ආයතනයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබනවා. මීට පෙර මෙම ආයතය ඇතුළුකෝට්ටේ පවත්වාගෙන ගිය අතර පසුව මෙම බුත්ගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසකට පැමිණියා. මෙම නිවසේ ඉතා අමුතු දේවල් සිද්ධ වෙනවා. වැසිකිලියට ගොස් වතුර වසා පැමිණියත් වතුර යන ශබ්ද ඇසෙනවා. අමුතු ශබ්ද ඇසෙනවා. මේස පුරා කුණු ජරාවලින් තවරා තිබෙනවා. දිනක් මරණකාරියගේ කෑම පාර්සලයේ මාළු කෑල්ල නැතිවෙලා තිබුණා. අපි මේ ගැන අයිතිකරුට දන්වනු ලැබුවා. පසුව අයිතිකරු ගොඩනැගිල්ලේ හිමිකරුට දන්වා තිබුණා. පසුව සති දෙකකට උඩදි කට්ටඩි වැඩක් කෙරුවා. මේ 08 වැනිදා මරණකාරිය රාජකාරියට පැමිණ ‍දොඩවන්නට පටන් ගත්තා. ඒ අනුව අප ඇයගේ සැමියා හට මේ බැව් දැනුම් දීමෙන් පසුව ඇයව සැමියා ගෙන ගියා.”

මිය ගිය මරණකාරියගේ සැමියා වන එස්. ඒ. ඩී. ශාන්ත කුමාර (49) යන අය සාක්කි දෙමින් මෙසේද කීය.

''අප විවාහ වී දැනට වසර 18ක් පමණ වෙනවා. අපට දරුවන් නැහැ. බිරිය රාජගිරිය පෞද්ගලික ආයතනයක ලේකම්ධුරයේ වැඩ කරනවා. බිරියගේ කාර්යාලයෙන් දුරකථන ඇමැතුමකින් පසුව මා බිරියව නිවසට ගෙන ආවා පෙරවරු 8.30ට. ඇය මද වෙලාවක් නිදාගෙන නැවත රැකියාවට යා යුතුයි කියා කිව්වා. මා ඒ අනුව ඇයව ආයතනය වෙත ගෙන ගියා. පසුව නැවතත් උදේ 10.30 පමණ නිවසට පැමිණ නිදාගෙන සිටියා. දහවල් 12.00 පමණ ආයතනයේ උමේෂ් යන අය පැමිණ මුදලින් රුපියල් 25,000ක් මා වෙත ලබා දුන්නා. ඒ ඇයගේ වේතනය බවද දන්වා සිටියා. පසුව මා ගරාජය වෙත ගියා. ඉන් අනතුරුව දහවල් 01ට පමණ බිරිය කතා කළා. ශබ්දයක් ආවේ නැහැ. මා නිවසට ඇතුළු වී කාමරය වෙත ගියා. එහි ඇය නොසිටි නිසා කුස්සිය වෙත ගොස් බලන විට ඇය මුනින් අතට වැටි ලේ ගලමින් සිටියා. මා එසැණින්ම කොළඹ ජාතික රෝහලට ගෙන ගියා. මා ඇයගෙන් මොන තරම් විමසුවත් ඇය කිසිවක් කිව්වේ නැහැ.”

සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය අධිකරණය වෙත මියගිය මරණකාරිය විසින් ලියා ඇති සටහන් කීපයක් ඉදිරිපත් කළේය. එහි ඇය මෙසේද සඳහන් කැර තිබිණි.

“මම වරදක් කළේ නැහැ. උමේෂ් වරදක් කළෙත් නැහැ. මම හිතල හිතලා කලබල වුණා. මම නිර්දෝෂයයි. නමුත් මගේ කලබලය නිසා මගේ මනස අවුල් වුණා. ඇත්තටම මාව මානසිකව වැටිලා. මට ආයතනයේ වැඩ කරන්න බයයි.
ප්‍රියන්ති”

අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත‍් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ලබන මස 31 වැනිදාට විභාගය කැඳවීමට තීරණය කළේය

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home