Sunday, April 16, 2017

කලා වැවට දිවිදුන් කලාහිටු

අනු‍රාධපුරයේ රජකම් කළ මිත්තසේන රජතුමා මරා දමා දකුණු ඉන්දියාවෙන් පැමිණි පණ්ඩු නම් ද්‍රවිඩ ආක්‍රමනිකයා රජ බවට පැමිණි සමයේ විජිත පුරයේ හදුන්ගම කලාහිටු නම් තරුණයෙකු වාසය කලේය.

    කලාහිටු(කලාහිටා)ෘහ නිර්මාණ ශිල්පයේත් වාරි කර්මාන්තයේත් උපන් හපන් කම් ඇත්තකු විය.ඔහුට නම් පට බැදුනේද මේ නිසාමය

    අනුරාධපුරයේ ද්‍රවිඩයෝ බලවත්ව සිටියදී සිංහල නායකයෝ තම ජීවිතාරක්ෂාව පතා රුහුණට පැන
ගත්තේය.
 
         කලාහිටු ගේ දක්ෂතාවය නායකයින් පවා දැන සිටියේය.මේ අනුව අනුරාධපුරයට ඔබ්බෙන් පිහිටි මේරූ කන්දර ජනපදයේ අධිපතියා විසින් මහත් වූ කරතර්වයක් පවරන ලදී.

       එම කාර්ය වූයේ කදුගැටයක් මත පිහිටි තම මන්දිරය සමීපයෙන් ගලා යන පරිදි ගගක් නිර්මාණය කිරීම වේ.මේ කාරිය කිහිප දෙනෙක් විසින් භාර ගත්තද එය සාර්ථක වූයේ නැත.කලාහිටු එහි ගොස් පරීක්ෂා කර විශ්වාසයෙන් වැඩ ඇරබුවේය.

      මේ කටයුත්තේ යෙදෙන අතරවාරයේ කලාහිටු ගේ ඇසගැසුනේ සුන්දර යුවතියකි.මේ අවදියේදී කලාහිටු ව කඩවසම් තරුනයෙකි.වරින් වර දක්නට ලැබුනු මේ තරුණිය කෙරෙහි සිත් බැදගත් කලාහිටු ඇය ඉදිරියේ තම අදහස කියා පෑවේය
ඇයත් ඔහුගේ අදහස පිළි ගත්තේය.

    භාරගත් කාර්ය නිමවූ හෙයින් හමුවූ රූමතිය බිරිඳ කොටගෙන කලාහිටු නැවත තම ගමට සම්ප්‍රාප්ත විය.

     සතුටින් ඇරඹූ දිවිය වැඩි කලක් පැවතුනේ නැත.ඕ තුන් තිස් පැයේම කලාහිටු සමග අඩ දඹර කරගන්නට විය.ඇයට හොර සැමියකුද විය.

      කෙසෙ වුවද කලාහිටු ට මෙය මහත් හිසරදයකි.ශක්තිමත් මිනිසකු වුවද කලාහිටු තම බිරිදට තඩිබාන්නට ගියේ නැත.ගෙදරින් පිටව ගොස් සොලීන්ට සේවය කිරීමටද කලාහිටු කැමැත්තක් නොදැක්විය.කලයුතු හොදම දේ නම් මෙම සමාජයෙන් තුරන් වීම යැයි සිතූ හෙතෙම වන ගත විය.

   වනගත වූ කලාහිටු කාලයත් සමගම වනයට අනුගත විය.ඉනේ තිබූ වස්තරයත් කාලයත් සමග දිරාගිය අතර කලාහිටු නිරුවතටම හුරුවිය.කාලයක් ගතවන විට කතා කරන භාෂාවද අමතක වන්නට විය්.එහෙත් නිදහස ඔහු හා විය.

      වන මැද සිටින කලාහිටු නොදනිත් සොලීන් පරාජය කොට අනුරාධපුරයේ ධාතුසේන නම් කුමාරයකු රජ විය.මේ රජු කෘෂිකර්මය නගා සිටුවන රජකු විය.
   
     මෙසේ කලක් ගත වනවිට මහ වාසලට මස් සපයන්නා කලාහිටු දැක මේ නම් මහ වන මැද නිධන් රකින අද්භූතයෙක් යැයි සැක සිතූ මොහු රජුට මේ පුවත් සැල කලේය.

     මේ කියන මනුස්සයා හෝ සත්වයා රජු ඉදිරියට පමුණුවන්න යැයි පවසීය.
මහ වන වටලා ඉතා අසීරුවෙන් කලාහිටු අල්ලා ගන්නා ලදී.එහෙත් එ වනවිට නිරුවතින් සිටි කලාහිටුට කතාබහ පවා අමතකව ගොසිනි.මෙම අමුතු සත්වයා අල්ලා කූඩු කර ඇදුම් පැලදුම් ආහාර ලබා දෙන ලදී.ටික දිනකින් කලා හිටු කතා කරන්නට විය.

      යතාතත්වයට පත් වූ කලාහිටු ගෙන්වා රජු කැලයේ ඇති නිධානය පිලිබදව විමසුවේය.මේ ප්‍රශ්නයෙන්  වික්ෂිප්ත වූ කලාහිටු තම කටහඩ අවදි කලේය.
     "අනේ ස්වාමීන්ද්‍රයන් වහන්ස මා රකිනා නිධානය නැත.මා නිධන් සොයන්නේද නැත.මා නිදහස සොයා වනගත වූවෙක්මි.කෙසේ වුවද නිධානයකට වඩා වටිනා සම්පතක් වන මැද ඇත.වන මැද ඇති ගල්තලාවෙහි දියපහර වලකා  වැවක් තනන්නට හැකියි."

   
මෙය ධාතුසේන රජුට සුභ ආරංචියක් විය.වැඩිකල් නොගොස්ම එතන වැවක් ඉදි විය.ඊට කලා වැව යැයි නම් තැබුවේය.

             මේ කාර්ය නිම වූ පසු පිරිත් පිංකමක් සංවිධානය කෙරුනි.පිරිත් දේශනාවේදී වැස්ස ඇදහැලීම සිරිතක් බැවින් වැස්සද ඇද හැලිනි.වැව ආරක්ෂා කරන කලාහිටු ජල මට්ටම පරීක්ෂා කිරීමට මැටි කොතලයක්ද තැබුවේය.එය වයසක හිමි නමකගේ හැරමිටි පහරකින් හිල් වී තිබුනි.

     මහ වැස්සෙන් වැව පිරෙන්නට විය.කොතලයට වූ දෙය දැන ගත් කලාහිටු කෝපයෙන් දැවෙන්නට විය.එසේ කෝපය පිට කිරීමටවත් වේලාවක් නොවිණ .වැව් බැම්ම කැඩී ගියේය.වැව් බැම්ම ආරක්ෂා කරගත නොහැකි වූ ආරක්ෂක වූ කලාහිටු සැඩ පහරට පැන දිවි නසා ගති.
    එසැනින් යක්ෂ යකු වූ කලාහිටු පිරිත් දේෂනා කරමින් සිටි භික්ෂූන් වහන්සේලාගේ බෙලිකඩා ලේ බීවේ කොතලයට හානි කරවූ භික්ෂු වහන්සේගෙන් පලිගැනීමටය.ඉන් පසුව හෙතෙම කතරගමට පැන ගියේය .
පසුව කතරගම දෙවිදුන්ගේ ප්‍රධාන ආරක්ෂකයා විය.භික්ෂූන් සමග පමණක් නොව ස්ත්‍රීන් සමගද අමනාපයෙන් පසුවන කඩවර පිලිබදව දෙවිවරුන් සහ යක්යින් අතරද කඩවර නමින් පෙනී සිටියද මෙ කඩවර ඔවුනට අයත් නොවේ.මේ කඩවර නමින් කලා වැවේද කතරගම ද දෙවොල් පිහිටා ඇත.....

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home