උඩුදැළිය සිය නිවෙසට දුරකතනයෙන් ඇමැතූ විට පිළිතුරු දුන්නේ අමුතු ගැහැනියකි.
උඩුදැළිය - මේ කවුද ?
සේවිකාව - මම මෙහේ සේවිකාව
උඩුදැළිය - අපිට සේවිකාවක් නැහැනේ.
සේවිකාව - නෝනා අද උදේ තමයි මාව වැඩට ගත්තේ.
උඩුදැළිය - එහෙමද ? මම තමයි මහත්තයා. නෝනා ඉන්නවද ?
සේවිකාව - ම් .. ම් ... ම් ... ඉන්නවා, උඩ තට්ටුවේ නිදාන කාමරේ. මං හිතුවෙ මහත්තය එක්ක යි කියලා.
උඩුදැළියට යකා නඟියි.
උඩුදැළිය - මේ ... රුපියල් 50,000ක් හම්බ කරන්න කැමති ද ?
සේවිකාව - අම්මපා ඔව්, මොකක් ද කරන්න ඕනැ ?
උඩුදැළිය - පිහියක් අරන් ගිහිල්ලා ඔය ද්‍රෝහි ගෑනිව යි ඒකිත් එක්ක ඉන්න කාලකන්නියව යි මරලා දාන්න.
දුරකතනය තැබූ සේවිකාව පිට ව යයි. ඇගේ පියවර හඬ ද ටික වේලාවකට පසු මර ලතෝනි දෙන හඬ ද උඩුදැළියට දුරකතනයෙන් යාම්තමින් ඇසේ.
සේවිකාව පැමිණ යළි දුරකතනය අතට ගනියි.
සේවිකාව - මිනී දෙකට මොකද කරන්නේ ?
උඩුදැළිය - අර පීනුම් තටාකෙට දාන්න.
සේවිකාව - මොන තටාකෙද ? මෙහේ තටාකයක් නැහැ නේ !
උඩුදැළිය - අහ් ... මේ ... ඔහේ ටෙලිෆෝන් නොම්මරේ 0XX -5X54X21 ද ?
රු 50 000 😂
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment