හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම තැනැත්තිය විවාහ මංගල උත්සවයකට ගියදා රුපියල් 2000 ක් දී ඇත. එම පිරිස තම දුවගේ මඟුල් ගෙදරට පැමිණි දී ඇති ලියුම් කවරය පරීක්‍ෂා කිරීමේදී තිබී ඇත්තේ ඊටත් රුපියල් 500/- ක් අඩුවෙන් රුපියල් 1500 කි.
මෙයින් කෝපයට පත් කාන්තාව පසුවදා හිතවතාගේ නිවෙසට ගොස් අඩුවෙන් දීම ගැන දොස් පවරා ඉතිරි මුදලට පොලියත් එක්ක රුපියල් 1000 ක් වත් දෙන මෙන් ඇවිටිලි කර ඇත.
එම මුදල එදිනම සවස දෙන බවට පොරොන්දු වීමෙන් පසු ඇය ආපසු ගොස් තිබේ.
No comments:
Post a Comment