ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

ගුණාත්මක විශ්ලේෂණය ( කාණ්ඩ අවක්ෂේපණය )


ඝන හෝ ද්‍රව මිශ්‍රණයක ඇති කැටායන අවක්ශේප කිරීම තුලින් කාණ්ඩ 5ක් වෙන් කර හදුනා ගැනීම මෙහිදී සිදු කෙරේ.

පලමුව සිදු කල යුත්තේ මිශ්‍රණයක ඝනයක් නම් ද්‍රව අවස්ථාවට පත් කර ගැනීමයි.මේ සඳහා

  • ජලයේ දිය කිරීම. 
  • ත.HCl
  • ත.HNO3
  • සා.HCl
  • සා.HNO3
  • රාජ අම්ලය ( සා.HCl  : සා.HNO3     3:1 )
  • විලීන කිරීම                          භාවිතා කෙරේ.

මිශ්‍රණයේ කැටායන ඇත්නම් පහත පරිදී පිළිවෙලට අවක්ශේප කරමු.

  1. මිශ්‍රණයට ත.HCl දැමීම.
  2. මිශ්‍රණය පෙරා  ත.HCl යොදා H2S බුබුලනය කිරීම.
  3. මිශ්‍රණය පෙරා පෙරනය රත් කර සා.HNO3 ටිකක් දමා NH4OH හා NH4Cl දැමීම.
  4. මිශ්‍රණය පෙරා පෙරනයට NHයවා භාෂ්මික කර එය තුළින් H2S යැවීම.
  5. මිශ්‍රණය පෙරා පෙරනයට වැඩිපුර (NH4)2CO3   දැමීම.

1 වන කාණ්ඩය - මිශ්‍රණයට ත.HCl දමමු.

PbCl2      AgCl     Hg2Cl2   
ලේසිම සුදු (ලේ-Pb සි-Ag  ම-Hg  මෙහිදී ලැබෙන අවක්ශේප සුදු පාට වේ.)

2 වන කාණ්ඩය  -  මිශ්‍රණය පෙරා  ත.HCl යොදා H2S බුබුලනය කරමු.

Bi2S3   CuS     HgS   PbS
බිස්කො මලේ කලු   (මෙහිදී ලැබෙන අවක්ශේප කලු පාට වේ.)

As2S3  CdS  SnS2
ආසිකැඩ් ටින් 4 කහ   (මෙහිදී ලැබෙන අවක්ශේප කහ පාට වේ.)

Sb2S3 - තැඹිලි      SnS - දුඹුරු

3 වන කාණ්ඩය  -  මිශ්‍රණය පෙරා පෙරනය රත් කර සා.HNO3 ටිකක් දමා NH4OH හා NH4Cl දමමු

Al(OH)3         Cr(OH)3      Fe(OH)3
ඇල්සු ක්‍රොකො ෆෙරිදු ද්‍රව ඇමෝනිය ( සු-සුදු   කො-කොල  දු-දුඹුරු )

4 වන කාණ්ඩය  -  මිශ්‍රණය පෙරා පෙරනයට NHයවා භාෂ්මික කර එය තුළින් H2S යැවීම.

ZnS     MnS   CoS    NiS
සින්සු මැද කොනී කලු   ( සු-සුදු   ද-දම් )

5 වන කාණ්ඩය  -  මිශ්‍රණය පෙරා පෙරනයට වැඩිපුර (NH4)2COදමමු.

CaCO3     SrCO3    BaCO3
කැස්බේ සුදු     (මෙහිදී ලැබෙන අවක්ශේප සුදු පාට වේ.)

ඉහත අවක්ශේප ලැබීමෙන් කැටායන පැවති බව තහවරු වේ.

7 comments:

  1. mewage krama ithamath watinawa...
    thnz a lot

    ReplyDelete
  2. oak wahagat tawa lipi danna

    ReplyDelete
  3. ඉදිරියේදි මීට වඩා වැදගත් ලිපි පල කරනවා.
    අදහස් පළකරාට ස්තුතියී

    ReplyDelete
  4. 2 weni kandaya hoda madi... okata oita wada lesi krama tynawa...........

    ReplyDelete
  5. Thank you so much 👍🙏

    ReplyDelete