ආයුබෝවන් - සුබ දවසක්...... හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය - අපේ ලෝකය......

සරල ඉංග්‍රීසි 04



can

යම් කෙනෙකුට යමක් කළ හැකි බව හෝ යමක් සිදුකළ හැකි බව කීමට යෙදේ
He can speak English  - ඔහුට ඉංග්‍රිසි කථාකරන්නට පුළුවන

I can come to the party
She can cook

යම් කෙනෙකුට යම් අවසරයක් දෙන බව ප්‍රකාශ කිරීමට යෙදේ

you can go home now  -ඔබට දැන් ගෙදර යන්නට පුළුවන
Your friend can take my camera
You can leave your bicycle here


අවසර ලබාගැනීමටද යොදා ගනී

Can I read the news paper?  - පුවත්පත කියවීමට මට පුළුවන්ද?
Can I take your camera?


වියහැකිතාව ප්‍රකාශ කිරීමටද යොදා ගනී

It can be your father  -ඒ ඔබේ පියා විය හැකිය
Nuwara Eliya can be cold

යෝජනාවක් සඳහාද යොදා ගනී

I can bring my car  -මට මගේ කාරය ගෙන එන්නට පුළුවන
We can eat in a hotel

යමක් කරන ලෙස ඉල්ලීමටද යොදා ගනී

Can you post this letter?  -මේ ලිපිය තැපැල් කරන්නට ඔබට පුළුවන්ද?
can you wait sometime?



Could


අවසර ගැනීමට යොදා ගනී

Could I use your bicycle?  -මම ඔබේ බයිසිකලය පාවිච්චි කරන්නද?
Could we meet you later?


යම් ඉල්ලීමක් කරන්නටද යොදා ගනී

Could you change this cheque?  -මේ චෙක් පත මාරු කරනවද?
Could you come again?

විය හැකිතාව ප්‍රකාශ කිරීමටද යෙදේ

It could be the truth  -එය සත්‍ය විය හැකිය
You could be right

යෝජනාවක් කිරීමටද යෙදේ

We could see a doctor  -අපිට වෙද්‍යවරයෙක් හමුවිය හැක
We could write a letter


can හි අතීතකාලයද could වේ

We could not go yesterday  -අපට ඊයේ යන්නට නොහැකි විය
We could not do it last week

May


අවසර දිය හැකි බව ප්‍රකාශ කිරීමට හෝ අවසරයක් ඉල්ලීමට යොදා ගනී

You may come  -ඔබට පැමිණිය හැකිය
Students may come with their parents

විය හැකිතාවක් ප්‍රකාශ කිරීමටද යෙදේ

It may rain  -වහින්නට පුළුවන
It may be true
He may come in time
She may not come to the party

අරමුණක් ප්‍රකාශ කිරීමටද යොදා ගනී

He may know the message tomorrow  -ඔහු හෙට ආරංචිය දැන්ගනු ඇත
It may break

ප්‍රර්ථනා සහ බලාපොරොත්තු සඳහාද යොදා ගනී

You may live long  -ඔබ දිගුකලක් ජීවත් වේවා
May triple gem bless you


අතීත සිද්ධියක් සඳහා may have + අතීත කෲදන්ත යොදනු ලැබේ

You may have left it in the car  -ඔබ එය මෝටර් රථයේ තබා තිබෙන්නට පුළුවන
He may have come
Someone may have stolen it

Might

විය හැකියාව ප්‍රකාශ කිරීමට යොදා ගනී නමුත් විශ්වාසය අඩුය

He might come  -ඔහු පැමිනිය හැකිය
It might rain

වාර්ථා කිරීමේදී වචනයෙහි අතීත කාලය ලෙස යෙදේ

He said "It may come"
He said that he might come

අතීත සිද්ධියක් සඳහාද  might have+ අතීත කෲදන්තය යෙදේ

She might have gone out  -ඇය පිටතට ගොස් තිබෙන්නට පුළුවන
He might have opened the door

No comments:

Post a Comment