Friday, January 10, 2014

යාන්ත්‍ර විද්‍යාව 01

‍දෛශික රාශි අදිශ රාශි

විෂාලත්වයක් පමණක් ඇති රාශි අදිශ රාශි වන අතර, ‍දෛශික රාශි සදහා විෂාලත්වයක් හා දුශාවක් පවතී.

 බල සමාන්තරාස්‍රය

ලක්ෂයක් හරහා ක්‍රියා කරන ‍දෛශික රාශි දෙකක් ප්‍රමාණයෙන් හා දිශාවෙන්,
එක ලග පිහිටි සමාන්තරාස්‍රයක පාද දෙකකින් දැක්වේ නම් එම පාද හමු වන ලක්ෂය හරහා යන විකර්ණය මගින් එකී රාශී දෙකෙහි සම්ප්‍රිත්වය විෂාලත්වයෙන් හා දිශාවෙන් දැක්වේ.

සරල රේඛීය චලිතය

  • වේගය (දිශාවක් නොමැත)
මධ්‍යක වේගය = ගමන් කල මුලු දුර / ගතවූ කාලය
  • ප්‍රවේගය (දිශාවක් ඇත.)
ප්‍රවේගය = විස්තාපනය / කාලය
  •  වස්තුවක ප්‍රවේගය ඒකාකාරව වැඩිවේ නම් ඒකාකාර තවරණයක් ඇත.

චලිත සමීකරණ


වස්තුවක ප්‍රවේගය u සිට v දක්වා t කාලයක් තුලදී ඒකාකාරව වැඩිවේ නම්,
  • ඒකාකාර තවරණය  = ප්‍රවේග වෙනස / ගතවූ කාලය
  • a = (v-u) / t
  • v = u + at   .......................... (1)
වස්තුවේ තවරණය ඒකාකාර බැවින්,
  •   මධ්‍යක වේගය = (u+v) / 2
t කාලය තුලදී විස්තාපනය s නම්,
  • s = 1/2 (v+u) t ......................(2)
(1) න් හා (2) න්,
  • s = ut + 1/2 at^2
  • v^2 = u^2 + 2as
  • විස්ථාපන-කාල ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මගින් විවිධ අවස්ථාවල ප්‍රවේග ලෑබේ. (එසේ ප්‍රවේග සොයා ප්‍රවේග-කාල ප්‍රස්ථාර අදිනු ලැබේ.)
  •  ප්‍රවේග-කාල ප්‍රස්ථාරයක 
-ප්‍රවේග කාල චක්‍රයට අදිනු ලබන ස්පර්ශකයේ අනුක්‍රමනයෙන් තවරණය ලැබේ.
-පස්ථාරයේ වර්ගපලය මගින් චලිතය තුලදී වස්තුව ගමන් කල දුර ලැබේ.

1 Comments:

At September 12, 2016 at 10:02 AM , Blogger Unknown said...

best

 

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home