Monday, January 6, 2014

මිනුම් උපකරණ

ව'නියර් මූලධර්මය

මිලි මීටර් වලින් බෙදා ඇති මීටර් රූලෙන් කොටස් නමයක් ගෙන සමාන කොටස් දහයකට බෙදා ව'නියරය සාදා ගනී.

කුඩා මිනුම

ව'නියරය හා ප්‍රධාන පරිමාණය ආධාරයෙන් ලබා ගත හෑකි කුඩාම පාඨාන්කය කුඩාම මිනුමයි.
කුඩා මිනුම = ප්‍රධාන පරිමාණයේ කොටසක දිග - ව'නියර් පරිමානයේ කොටසක දිග

සෘණ මූලාoක වරද

කැලිපරයේ හනු වැසෙන විට ව'නියර් පරිමාන ශුනය, ප්‍රධාන පරිමානයේ ශුනය පසු කර යන්නේ නම්, ඇති වන වරද.

ධන මූලාoක වරද

ප්‍රධාන පරිමානයේ ශුනයත්, ව'නියර් පරිමානයේ ශුනයත් සමපාත වීමට ව'නියරය චලිත කල නොහැකිනම් ඇතිවන වරද
  • කැලිපරය මල බැදීම හෝ අපද්‍රව්‍ය හේතුවෙන් ධන මූලාoක වරද ඇති වේ.
  • ගෙවීම් ඇතිවන නිසා සෘන මූලාoක වරද ඇති වේ.

අදාල ප්‍රායෝගික ක්‍රියාකාරකම්

  1. ව'නියර කැලිපරය මගින් දිග මැනීම.
  2. මයික්‍රොමීටර ඉස්කුරුප්පු ආමානය භාවිතයෙන් කුඩා දිග මෑනීම
  3. ගෝලමානය භාවිතයෙන් වක්‍රපෘෂ්ඨවල වක්‍රතා අරය සෙවීම
  4. චල අණ්වීක්ෂය භාවිතයෙන් මිනුම් ලබා ගැනීම.
  5. රසායනික තුලාව භාවිතයෙන් ස්කන්ධ මෑනීම.
  6. විරාම ඔරලෝසුව භාවිතයෙන් කාලජේද මෑනීම.

0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home