මුහුණු පොතේ ජනප්‍රියම චූටී නර්ස් නෝනාගේ අලුත්ම ලීක් වීඩියෝ එක
අපේ අඩවිය - අපේ ලෝකය
හොල්මන් කතා... විහිලු කතා සමඟ ජීවිත කතා පිරුණු අපේ අඩවිය
පුරුෂ ලිංගය විශාල ශක්තිමත් දිග එකක් කරගන්න ලේසිම ක්‍රමය
නිෂාදිගේ නිරුවතට වහවැටුණු පේ‍්‍රතයා
වාහනේට අත දැම්ම ලේ බේරෙන කෙල්ල
මරණින් පසු නිවසට පැමිණි සිරිදාස
හෙණ දේවතාවුන් අරක්ගත් හෙණරාජ තෛලය
හුළු අත්තක් රැගෙන පැමිණි අමුත්තා
කලා වැවට දිවිදුන් කලාහිටු
ඌරු කදට වහ වැටුණු මහසොහොන් දිෂඨිය
එල්ලී මියගිය ගැඹ්ණි පෙම්වතිය
කුළී ඇදුමින් පැමිණි මාරයා
මහාබලසම්පන්න සින්හලතෙල් ලැබුණු සැටි
බිහිසුණු හුනියමේ කලුකොට මිනිහෙක් නිසා වලව් පෙළපතක් මුළුමනින් වැනසුනේ මෙහෙමයි
රාජගිරියේ හොල්මන් ඔෆිස් එකේ කාන්තාවක් බඩ කපාගෙන අත් දෙකත් කපාගෙන ලිපියක් ලියා තබා අභිරහස් ලෙස මියගිහින්
මවත් නැතිකර ජීවිතය දිණූ දියණිය
මහකැබිලිත්තට පැමිණි අසංවර කාන්තාවන්ට දේව දඩුවම්
පොලියත් සමග ඉල්ලූ මගුල් තෑග්ග
හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ.
පවුලේ එකිනෙකා කා ගත් බිහිසුනු බන්ධනය
පොලියත් සමග ඉල්ලූ මගුල් තෑග්ග
හිතවත් අයකුගේ මඟුල් කෑමට ගොස් දුන් ගණනට අඩු මුදලක් තමන්ගේ දුවගේ කොටහළු මඟුල් දා දීම නිසා කෝපයට පත් කාන්තාවක අඩු මුදල ඉල්ලා අසල් වැසියාගේ නිවෙසට යෑමේ සිද්ධියක් බළපිටියෙන් වාර්තා වේ.
සිද්ධිය සැකවින් මෙසේය.
මෙම තැනැත්තිය විවාහ මංගල උත්සවයකට ගියදා රුපියල් 2000 ක් දී ඇත. එම පිරිස තම දුවගේ මඟුල් ගෙදරට පැමිණි දී ඇති ලියුම් කවරය පරීක්‍ෂා කිරීමේදී තිබී ඇත්තේ ඊටත් රුපියල් 500/- ක් අඩුවෙන් රුපියල් 1500 කි.
මෙයින් කෝපයට පත් කාන්තාව පසුවදා හිතවතාගේ නිවෙසට ගොස් අඩුවෙන් දීම ගැන දොස් පවරා ඉතිරි මුදලට පොලියත් එක්ක රුපියල් 1000 ක් වත් දෙන මෙන් ඇවිටිලි කර ඇත.
එම මුදල එදිනම සවස දෙන බවට පොරොන්දු වීමෙන් පසු ඇය ආපසු ගොස් තිබේ.
මහකැබිලිත්තට පැමිණි අසංවර කාන්තාවන්ට දේව දඩුවම්
කුමණ ජාතික වනෝද්‍යානය මැද්දේ පිහිටි මහකැබිලිත්තට දැන් සෑම දිනයකම හිරු උදාවෙන විට ඒ අසල පිහිටි කුඹුකන්ඔයේ සිය ගණනක් මුහුණ දොවමින් සිටිති. ඒ අතර පිරිමින් වගේම කාන්තාවෝ හා ළමයිද වෙති. ඉන් සමහර දෙනෙක් ඉතා භක්තිවන්තව පුජා බිමක හැසිරෙන ආකාරයට සංයමයකින් යුතුව හැසිරෙනු පෙනේ.
ඒ අතර අසංවර ඇදුමින් සැරසුණු කාන්තාවෝ සෙස්සන්ගේද විළිබිය සිදලමින් වනාන්තරය දෙවනක් කරමින් උස්හඩින් විවිධ උජාරු කතා කියති. ආගමික ස්ථානයක හැසිරෙන්නට නොදත් දරුවෝ කුඹුක්න්ඔයේ වැල්ලේ කෑකෝගසමින් එහා මෙහා දිවයති. වැලිවලින් හෝ ගල්කැටවලින් එකිනෙකාට ගසා ගනිති. උස් හඩින් හිනා වෙති. ගිරිය පුප්පා කෑ ගසති. මේ ළමයින්ගේ නොමනා හැසිරීම දෙස ඔවුන්ගේ මාපියෝ උජාරුවෙන් ඔය ඉවුරේ සිට බලා හිදිති.
මීට දින කිහිපයකට පෙරදි අගනුවර පැත්තෙන් මහකැබිලිත්තට එවැනි අවිචාර ගෑනු පිරිමි සහ ළමයින් සහිත නඩයක් පැමිණියෝය. ඔවුන් පැමිණි වෑන් රථය කොටියාගල දමා ට‍්‍රැක්ටරයක් සහ කපුවෙස්ගත් ජාවාරම්කාරයෙක් කුලියට ගෙන මහවනය තරණය කරමින් මහකැබිලිත්තට පැමිණෙන විට රෑ බෝවී තිබුණි. ට‍්‍රැක්ටරයේ සයිලන්සර් හඩට වනසතුන් දිවගොස් සැගවෙන නිසා වනසතුන් බිය ගන්වා කැලේ යන්නට හොදම වාහනය ට‍්‍රැක්ටරය බව ඒවායේ අයිතිකරුවන් මෙන්ම කපුවෙස්ගත් ජාවාරම්කාරයෝ හොදින් දනිති. මේ දිනවල මහකැබිලිත්තේ වනසතුන් උදහස්වී ඇති බව දැනීමෙන් ඇතැම් ට‍්‍රැක්ටර්කරුවන් ඔවුන්ගේ ට‍්‍රැක්ටර්වල හඩ වැඩිකිරීමට සයිලන්සර් කොටකර ඇතැයි කොටියාගල පැත්තේ මිනිස්සුම කියති.
මේ පැමිණි නඩයේ ගෑනු පිරිමින් මෙන් විය. ගෑනුකමක් ඔවුන් වෙතින් දිස්වූයේ ශරීර අවයව වලින් පමණි. මත්වතුර බිව් පුද්ගලයන් මෙන් මේ නඩයේ කාන්තාවන්ගේ කැකිරිපළන හඩින් වනාන්තරය දෙදරා ගියේය. වසතුන්ගේ නිදහසටද අභියෝග එල්ලවිණි. මහකැබිලිත්තේ වනඅලියෙක් එක් කාන්තාවකට අපූරු පාඩමක් කියා දුන්නේය.
මහා හාස්කම් ඇති දේවාලය කොහේදැයි කියමින් එක් කාන්තාවක් සියඹලා දේවාලය පැත්තට ගොඩවුයේ කුඹුකන්ඔය හරහා ගමන් කරමිනි. ඈ අනුගමනය කරමින් තවත් කාන්තාවෝ කිහිප දෙනෙක්ම ඇය පසුපස ආහ. නමුත් මේ කාන්තාවට යන්නට හැකිවුයේ අඩි කිහිපයක් පමණි. කැලෑව මැද්දෙන් ඉදිරියට ආ දැවැන්ත වනඅලියෙක් ඉදිරියෙන් සිටි කාන්තාව හොඩයෙන් ගෙන ඇය ලන්දකට විසිකළේ ඇදසිටි රෙදිවල මළමුත‍්‍රා පවා පිටකරවමිනි. අනික් කාන්තාවෝ සිටි පැත්තට වනඅලියා හැරෙනවිටත් ඒ කාන්තාවෝ කුඹුකන්ඔය මැදත් පසුකර එගොට ඉවුරට ළගාවෙමින් සිටියහ.
අලියා විසිකිරීමට ලක්වු කාන්තාවට බරපතල හානියක් සිදුවි නොතිබුණි. ඇයත් දනපනිගා නැගිට කුඹුකන්ඔයෙන් එගොඩට දිව ඇවිත් තිබුණේ ජිවිතේට අමතක නොවන පාඩමක් ඉගෙන ගනිමිනි. මේ සිද්ධියෙන් පසු ඇතැම් අවස්ථාවල ඉතා පිරිසුදුව වත්පිළිවෙත් රකිමින් එන කාන්තාවන්ට පවා සියඹලා දේවාලයට යන්නට වනඅලි ඉඩනොදුන් අවස්ථා කිහිපයක් ගැන මහකැබිලිත්තට නිතර යන එන තිස්සමහාරාමයේ විමල් කොඩිතුවක්කු මහතා සිහිපත්කර දුන්නේය.
වෙනදා සියඹලා දේවාලයට එන බැතිමතුන් පැමිණ නවතින එගොඩ ඉවුර පැත්තට නොඑන වනසතුන් අතරින් වනඅලි කිහිප දෙනෙක් දැන් ඒ ආසන්නයේ වරන්වර සැරි සරන්නට පටන්ගෙන ඇතැයිද විමල් කොඩිතුවක්කු මහතා කීවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ නරක චේතනාවෙන් කුමන වැඩක් කළ ද එහි නොසිතූ විපාක ඇති බව බව කලක් කුමණ ජාතික වනෝද්‍යානයේ ඔකද දෙසින් ආරක්‍ෂාව සැපයු පොලිස් විශේෂ කාර්ය බළකායේ ප‍්‍රධානියාව සිටි ප‍්‍රධාන පොලිස් පරික්‍ෂක වසන්ත කුමාර මහතා හෙළි කළේය. දැන් ඔහු පොතුවිල් පොලිසියේ මුලස්ථාන පොලිස් පරික්‍ෂකවරයා ලෙස සේවය කරයි.
මේ සිදුවීම 2007 සහ 2008 අතර වූ සිදුවීමකි. මේ කාලය වනවිට සාම ක‍්‍රියාවලිය බිදී නැගෙනහිර කොටි මෙහෙයුම් පටන්ගත් වකවානුවයි. තොප්පිගල කැලයේ කොටි ත‍්‍රස්තයන් දරුණු ලෙස පසු බසිද්දී කොටි නායක රාම් ඇතුලූ කුඩා කුඩා කොටි කණ්ඩායම් නැගෙනහිර වෙරළින් කුමණ ජාතික වනෝද්‍යානයට රිංගා ගත්හ.
කුමණ කැලේ කොටි ත‍්‍රස්තයන් සිටීම නීතිවිරෝධි කටයුතුවල නිරතවූ ඇතැමුන්ට සිය ජාවාරම්වලට පහසුවක්ද විය. පානමත් කොටියාගලත් අතර පානමට කිලෝමීටර් පහළොවක් විස්සක් පමණ කැලේ මැදට වන්නට කංසා හේනක් පවත්වාගෙන ගිය පිරිස් අතර සිටි තිදෙනකු අවිගත් කණ්ඩායමක් පැහැරගෙන ඝාතනය කළ බවට පැමිණිල්ලක් ලැබී තිබුණේ එම කංසා හේනේම සිට දිවි බේරාගෙන ආ පුද්ගලයකු විසිනි. කොටියාගල පැත්තෙන් පොලිස් විශේෂකාර්ය බළකා කණ්ඩායමක් එම පුද්ගලයා සමග මහවනාන්තරය මැද්දෙන් එකී ඉසව්වට ආවත් ඝාතනය කළවුන් ගේ සිරුර හොයාගත නොහැකිවිය.
මේ වකවානුවේ පානම, කුමණ, ප‍්‍රදේශ බාරව සිටියේ පොලිස් විශේෂකාර්ය බළකායේ සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතාය. (පසුගිය වසරේ සැප්තැම්බර් 27 දින අම්පාර මහඔය හන්දියේ පිහිටි පොලිස් විශේෂ බළකා කදවුරේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලය තුළදී පොලිස් විශේෂ කාර්ය බළකායේම ප‍්‍රධාන පොලිස් පරික්‍ෂකවරයකුගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව සහකාර පොලිස් අධිකාරී සරත් සිසිර කුමාර මහතා මියගියේය.) ඔහු වසන්ත කුමාර මහතාට උපදෙස් දුන්නේ කුමණ කැලෑවේ සිදුවු බව කියන මේ ත‍්‍රිත්ව මිනිස් ඝාතන ගැන විමර්ශනයක් කරන ලෙසය.
ඒ අනුව සිද්ධියේදි දිවිබේරාගෙන පැමිණි තැනැත්තා සමග කුමණ වනෝද්‍යානය තුළ කිලෝමීටර් පහළොවක් විස්සක් දුර කොටියාගල පැත්තට සෙබළ කණ්ඩායමක් සමග වසන්ත කුමාර මහතා පැමිණියේය. කංසා හේන හමුවිණි. නමුත් ඝාතනය කළා යැයි කියු පුද්ගලයන්ගේ සිරුර කංසා හේනේ නොවීය. තවදුරටත් විපරම් කරද්දි ඊට තරමක් නුදුරින් එකම ස්ථානයක පුද්ගලයන් දෙදෙනකු පුලූස්සා දමා හිස් කබල් දෙකක සහ සිරුරුවල කොටස් කිහිපයක් ඉතිරිව තිඛෙනු දැකගත හැකිවිනි. පෝර කවරයක බහා ඒවා රැගෙන ආවේය.
කතරගම දෙවියන්ගේ අඩවියේ කංසා වැවූ අයට අත්ව තිබු ඉරණම එයයි. ඒනිසා දේවියන්ගේ අඩවියේ නුසුදුසු ක‍්‍රියා කරන්නන්ට ඇතැම් අවස්ථාවල වන්දි ගෙවන්නට සිදුවන්නේ ජිවිත වලිනි. හාස්කම් නැතැයි පුරසාරම් දොඩමින් දෙවියන් බුදුන් අවඥාවට ලක්කරන සමහරුන්ට ද මේ කැලේදීම එහි විපාක විදින්නට සිදුවු අවස්ථා දැන් දිනෙන් දින ඉහළ යමින් පවති.
කුමණ ජාතික වනෝද්‍යානයේ ඔක්කම්පිටිය දෙසින් ඇතුලූවන පැත්තේද එවැනි සිදුවීමක් වනෝද්‍යානය තුළදී සිදුවු බව අසන්නට ලැබුණේ 2007 වසරේදීය. කිසියම් නාදුනන කණ්ඩායමක් විසින් කැලෑව තුළදී තරුණයකු වෙඩිතබා මරාදමා තිබුණි. ගවපට්ටි හිමියා වූ මේ තරුණයා ගවයින් මස් පිණිස විකුණු තැනැත්තකු ද විය. මොහෝ අවස්ථාවල මස්කඩවලට ගවයන් මිලදී ගන්නා වෙළෙන්දන් සමග ගනුදෙනුව කරන්නේ දේව අඩවිය තුළය. මේ කියන තරුණයා ඝාතනය වු අවස්ථාවේ ඔහුගේ යට ඇදුමක රුපියල් ලක්‍ෂයක මුදලක් තිබු බවද මරණ පරීක්‍ෂණයේදී හෙළි විය. එය දේව අඩවිය තුළදී මස් පිණිස ගවයන් විකිණූ ගනුදෙනුවකින් ගත් මුදලක් බවද පසුව කියවිණි.
ඒනිසා වතුර රත්වනතුරු නටන කකුළුවන්ට අත්වන ඉරණම මෙන් දේව අඩවියේ ද අවිචාරවත්ව හැසිරෙන පුද්ගලයන් විපත් තමා ළගට ගෙන්වා ගන්නා බව කියන්නේ මහකැබිලිත්තේ සහ කතරගම දේව අඩවියේ හැටි දන්නා අයයි.
මවත් නැතිකර ජීවිතය දිණූ දියණිය
මම රුවිනි..දුප්පත් කෙල්ලෙක්..දුප්පත් උනත් මට ලස්සන රූපයක් තිබුනා..ඕනම කෙනෙක් දෙපාරක් හැරිල බලන ලස්සනක් තිබුනත් අවාසනාව දොතින් තුරුලු කරන් මේ ලෝකෙට ආවා කිව්වොත් මං නිවැරදි..මං ඉපදුනෙ මගෙ රත්තරං අම්මව මරාගෙන. මට අම්මගෙ ආදරෙ ලැබිල නෑ..මම උසස් පෙල වෙනකන් හොදට ඉගෙන ගත්තා උසස් පෙල ඉවර වෙනවත් එක්කම තමා මගෙ තාත්තත් මාව තනි කරල දාල ගියෙ..මට කියල කිසිම කෙනෙක් මේ ලෝකෙ හිටියෙ නෑ. යන්න එන්න තැනක් නෑ.මම ජොබ් එකක් හොයන් කොළඹ ආවා..ඔව් හෙව්ව වගෙම හොඳ වැටුපක් එක්ක මට හොද ජොබ් එකක් හම්බුනා..
මගෙ ජීවිතේටත් ආදරෙ එබිකම් කලා..එයා සුනෙත්,ලස්සනයි,, කඩවසම් හොඳ ජොබ් එකක් කලා. මගෙ ජීවිතේ තියෙන පාලුව කාන්සිය මග අරව ගන්න මට නොලැබෙන ආදරේ රැකවරනෙ ලබා ගන්න මාත් දෙපාරක් නොහිතම එයාට කැමති උනා. එයාගෙ ගෙදර අය අකමැති උනාට අපි දෙන්න කොහොම හරි කසාද බැඳලා එයාගෙ ගෙදරම පදිංචි උනා..බැන්දට පස්සෙ රස්සාවට යනවට සුනෙත් කැමති උනෙ නෑ, මාත් නැවතුනා..එදා ඉඳන් එයාගෙ අම්මටයි අක්කලා දෙන්නටයි මාව පෙනෙන්න බැරුව ගියා..එයාල මට වෙනස්කම් කලා..අඩුම තේ එකට සීනි දාගන්නවත් එයාල මට දුන්නෙ නැහැ..ඒ තරම් වෙනස්කම් කලා.
ඔය කාලෙ සුනෙත්ලගෙ නෑවෙන නංගි කෙනෙක් මෙහෙ යන්න එන්න පටන් ගත්තා..හොඳ සල්ලි තියෙන් කෙනෙක්ලු..ගෙදර අයටත් ඉතිං ඊට වඩා ලොකු කෙනෙක් නෑ..සුනෙත් ටික ටික වෙනස් වෙන්න ගත්තා..දවසක් එයා මාව ගෙදරින් එලියට දැම්ම..මම හිඟන්නියෙක් වගේ එයාගෙන් මගෙ ජීවිතේ ඉල්ලුවා වැඳල ඉල්ලුවා..එයා මාව ගෙදරින් එලියට ඇදල දැම්මා..ආයෙමත් මම අසරණ උනා.. ඒ වෙලාවෙ දෙවි වරු වගේ මට පිහිට උනේ නදීකයි හශිනියි..එයාල මාව එයාලගෙ ගෙදර එක්කන් ගියා..හුගක් දේවල් කිව්ව..මගේ හිත හැදුවා..එයාල කිව්වෙම මාව වට්ටපු මිනිස්සුන්ට පේන්නම නැගිටින්න කියලා..ඔව් ඒ කතාව ඇත්ත.ඒත් මට කරන්න දෙයක් කල්පනා උනේ නෑ..මොකද අපි ඩිවෝස් උන ගමන්ම සුනෙත් අර ගෑනු ලමයා මැරිකලා කියලා ආරංචි උනා..
මං දවස් ගානක් කල්පනා කලා මොනවම හරි කරන්න ඕන, මෙතනින් ගොඩ එන්න ඕන කියල..ඔහොම හිතල හිතලා මං තීරණයක් ගත්ත කෑම පැකට් ටිකක් හදල කඩවල් වලට දාන්න..මට රසට උයන්න පුලුවන් කියල මගේ කෑම කන හැමෝම කිව්ව නිසා ඒ දේ කරල බලන්න මට හිතුනා..ටවුම පුරාම ඇවිදල ඇවිදල කඩවල් දෙක තුනක් හොයාගන්න මට පුලුවන් උනා..
කඩවල් වලට දාපු කෑම ටික ඉක්මනට විකිණුනා..මාත් හැමදාම කෑම පැකට්ස් දැම්මා කඩවල් වලට..නදීකා එයාගෙ ඔෆිස් එකෙ අයට දෙන කෑම ඕඩර් එක මට අරන් දුන්නා..මාත් හැමදාම ඉන්ටර්නෙට් එකෙ සර්ච් කරලා අලුත් අලුත් කැම ජාති හදන හැටි පුරුදු වෙනවා.රෑ නිදිමරන් කෑම හදනවා.ඒව කඩවල් වලට දානවා..හම්බෝ හරි මහන්සී..ඒ උනාට මම ඒ දෙවල් හරි පිලිවෙලකට කලා..මගෙ මහන්සියෙ ප්‍රතිඵල මට හරි ඉක්මනට උදා උනා..හිතුවට වඩා කෑම ඔඩර්ස් ගලන් ආවා..තනියම වැඩ කර ගන්න බැරි නිසා කෙල්ලො දෙතුන් දෙනෙක් ගත්තා..කෑම ඩිලිවර් කරන්න වාහනයක්, ඒකෙ වැඩට කොල්ලෙක් එහෙමත් ගත්තා..මම ටික ටික දියුනු උනා..
අද මේ වෙනකොට මාව නොදන්න කෙනෙක් නැති තරම්..මටම කියල ලස්සන ගෙයක්, යන්න එන්න වාහනයක් මේ හැමදෙයක්ම දැන් මට තියෙනවා..මේ පාර වසරේ නැගී එන ව්‍යවසායිකාව වුනෙත් මං..ඉතිං ඕක තමයි මගේ කතාව..අන්තිමටම කියන්නම් උත්සහය තියෙනවනම් කරන්න බැරි දෙයක් නෑ.ඕන වෙන්නෙ උතසහයයි කැපකිරීමයි තමයි..
උපුටා ගත් සත්‍ය කතාවකි
රාජගිරියේ හොල්මන් ඔෆිස් එකේ කාන්තාවක් බඩ කපාගෙන අත් දෙකත් කපාගෙන ලිපියක් ලියා තබා අභිරහස් ලෙස මියගිහින්
කොළඹ බෞද්ධාලෝක මාවතේ නිවසක විවාහක කාන්තාවක් තම දෙඅත් හා උදරය කපාගෙන ඉතා අභිරහස් ලෙස මරුමුවට පත්වීමේ සිද්ධියක් පිළිබඳව පසුගියදා වාර්තා වුණා.
සිංගප්පූලිආරච්චිගේ දොන් ප්‍රියන්ති කුමුදුනී (45) නැමැති විවාහක කාන්තාවක් මෙලෙස මියගොස් සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ඩබ්ලිව්. ඒ. සී. ලක්මාලි පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අතර එහිදී වැඩිදුර පරීක්ෂණයන් පැවැත්වීමට නියමිත බැව් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂණ අධිකරණය වෙත දැන්වීය.
මියගිය කාන්තාව රාජගිරිය බුත්ගමුව ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක පරිපාලන නිලධාරිනියක ලෙස කටයුතු කරන්නී ය. සිද්ධියට අදාළව මියගිය කාන්තාවගේ මරණය සම්බන්ධයෙන් සාක්කි කැඳවීමේදී අධිකරණය වෙත කරුණු දක්වමින් එම පෞද්ගලික ආයතනයේ විධායක නිලධාරි බමුණුආරච්චිගේ උමේෂ් මධුෂාන් (30) මෙසේ පවසා තිබේ.
“අප ආයතනය ජපානයේ අයිතිකරුවකුට අයත් එකකි. මිය ගිය මරණකාරිය අප ආයතනයේ පරිපාලන නිලධාරිනිය ලෙස සේවය කරනු ලබනවා. මීට පෙර මෙම ආයතය ඇතුළුකෝට්ටේ පවත්වාගෙන ගිය අතර පසුව මෙම බුත්ගමුව ප්‍රදේශයේ දෙමහල් නිවසකට පැමිණියා. මෙම නිවසේ ඉතා අමුතු දේවල් සිද්ධ වෙනවා. වැසිකිලියට ගොස් වතුර වසා පැමිණියත් වතුර යන ශබ්ද ඇසෙනවා. අමුතු ශබ්ද ඇසෙනවා. මේස පුරා කුණු ජරාවලින් තවරා තිබෙනවා. දිනක් මරණකාරියගේ කෑම පාර්සලයේ මාළු කෑල්ල නැතිවෙලා තිබුණා. අපි මේ ගැන අයිතිකරුට දන්වනු ලැබුවා. පසුව අයිතිකරු ගොඩනැගිල්ලේ හිමිකරුට දන්වා තිබුණා. පසුව සති දෙකකට උඩදි කට්ටඩි වැඩක් කෙරුවා. මේ 08 වැනිදා මරණකාරිය රාජකාරියට පැමිණ දොඩවන්නට පටන් ගත්තා. ඒ අනුව අප ඇයගේ සැමියා හට මේ බැව් දැනුම් දීමෙන් පසුව ඇයව සැමියා ගෙන ගියා.”
මිය ගිය මරණකාරියගේ සැමියා වන එස්. ඒ. ඩී. ශාන්ත කුමාර (49) යන අය සාක්කි දෙමින් මෙසේද කීය.
''අප විවාහ වී දැනට වසර 18ක් පමණ වෙනවා. අපට දරුවන් නැහැ. බිරිය රාජගිරිය පෞද්ගලික ආයතනයක ලේකම්ධුරයේ වැඩ කරනවා. බිරියගේ කාර්යාලයෙන් දුරකථන ඇමැතුමකින් පසුව මා බිරියව නිවසට ගෙන ආවා පෙරවරු 8.30ට. ඇය මද වෙලාවක් නිදාගෙන නැවත රැකියාවට යා යුතුයි කියා කිව්වා. මා ඒ අනුව ඇයව ආයතනය වෙත ගෙන ගියා. පසුව නැවතත් උදේ 10.30 පමණ නිවසට පැමිණ නිදාගෙන සිටියා. දහවල් 12.00 පමණ ආයතනයේ උමේෂ් යන අය පැමිණ මුදලින් රුපියල් 25,000ක් මා වෙත ලබා දුන්නා. ඒ ඇයගේ වේතනය බවද දන්වා සිටියා. පසුව මා ගරාජය වෙත ගියා. ඉන් අනතුරුව දහවල් 01ට පමණ බිරිය කතා කළා. ශබ්දයක් ආවේ නැහැ. මා නිවසට ඇතුළු වී කාමරය වෙත ගියා. එහි ඇය නොසිටි නිසා කුස්සිය වෙත ගොස් බලන විට ඇය මුනින් අතට වැටි ලේ ගලමින් සිටියා. මා එසැණින්ම කොළඹ ජාතික රෝහලට ගෙන ගියා. මා ඇයගෙන් මොන තරම් විමසුවත් ඇය කිසිවක් කිව්වේ නැහැ.”
සිද්ධියට අදාළව බොරැල්ල පොලිසිය අධිකරණය වෙත මියගිය මරණකාරිය විසින් ලියා ඇති සටහන් කීපයක් ඉදිරිපත් කළේය. එහි ඇය මෙසේද සඳහන් කැර තිබිණි.
“මම වරදක් කළේ නැහැ. උමේෂ් වරදක් කළෙත් නැහැ. මම හිතල හිතලා කලබල වුණා. මම නිර්දෝෂයයි. නමුත් මගේ කලබලය නිසා මගේ මනස අවුල් වුණා. ඇත්තටම මාව මානසිකව වැටිලා. මට ආයතනයේ වැඩ කරන්න බයයි.
ප්‍රියන්ති”
අදාළ වෛද්‍ය වාර්තා හා සාක්කි සැලකිල්ලට ගත‍් කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක මොහොමඩ් අෂ්රෆ් රූමි මහතා මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දෙමින් ලබන මස 31 වැනිදාට විභාගය කැඳවීමට තීරණය කළේය
බිහිසුණු හුනියමේ කලුකොට මිනිහෙක් නිසා වලව් පෙළපතක් මුළුමනින් වැනසුනේ මෙහෙමයි
ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්‌තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්‌කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්‌ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස් අස්‌සේ කළු කොට මිනිසෙක්, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස් අස්‌සේ ඉන්නේ
මේ කතාවට පසුබිම දැනට අවුරුදු පණහකට පමණ පෙර වෙයි. ඒ දිනවල මම පුහුණු උපාධි උපගුරුවරයෙක් ලෙස ගලේවෙල මහා විද්‍යාලයේ සේවය කළෙමි. නාගරික පරිසරයක පිහිටි විදුහලේ ගුරුවරුන්ට නවාතැන් ගැනීමට නගරයේ ඉඩකඩ තිබුණේ නැත. විදුහලේ ඉඩ ඇති කුඩා කොටස්‌වල විදුහල්පතිගේ අවසරය ඇතිව නැවතී ටවුමේ හෝටලයකින් තුන් වේලට කෑම බීම වෙන වෙනම බාස්‌කට්‌වලට ලබා ගෙන ආහාර ලබා ගතිමු. බොහෝ විට විදුහලේ තැන් තැන්වල නැවතී සිටි හා විදුහල කිට්‌ටුව වෙනම නැවතී සිටි තුරුණු බොහෝ ගුරුවරු සවසට අප නැවතී සිටි විද්‍යාගාරයට එකතු වී බිම මෙට්‌ට හෝ පැදුරු එලාගෙන කාඩ්ස් සෙල්ලම් කරමින් පැරැණි රසකතා කියමින් විනෝදවීම පුරුද්දක් විය.
අප අතර සිටි බණ්‌ඩාරනායක ඇඟපතින් කෙට්‌ටු පෙනුමෙන් කුඩා සිරුරක් ඇත්තෙකි. එහෙත් මුකරිකමෙන් වඩාත් ඉහළ වූයේ ඔහුය. මියුරු හඬින් ඔහු එදා ජනප්‍රියව තිබූ හින්දි ගී ගායනය කරයි. කතාවක් කියන විට අතපය සොළවා අංගචලන යොදා රසවත් කරයි. ඔහුගේ නම දිග වැඩි නිසා අප ඔහු හැඳින්වූයේ " බණ්‌ඩාර" යන කෙටි නිමිනි.
එදා පැහැදිලි අහසේ ගොම්මන් අඳුර කපාගෙන අටවක සඳ පළුව විසිතුරු ලෙස පායා තිබූ දිනයකි. ගුරුවරු දහදොළොස් දෙනෙක් විද්‍යාගාරයේ රැස්‌ව සිටියහ.
" අද මම උඹලට ලස්‌සන කතාවක් කියන්නම්. මේක ඇත්තටම අපේ පවුලට සිද්ධ වුණු කතාවක්."
ඔහු කොට්‌ටය බිත්තියට තබා හාන්සි වී සිගරට් දුම්ගුළියක් පා කළේය. "උඹලා, දැකල ඇති අපේ මහගෙදර, පල්ලේපොළ ඉඳලා එන පාරේ පාර අද්දරම ලොකු පරණ ගේ. ඒකේ දැනුත් මහා පාළු මුසල පෙනුමක් තියෙන්නේ. අපේ මහගෙදරට කවුරුත් කිව්වේ වළව්ව කියලා. අත්ත මුත්තලා හොඳට ඉඩ කඩම් තිබුණු වලව් පැළැන්තියේ අය. අපේ පප්පට හිටියා සහෝදර සහෝදරියන් දහ අටක් කවුදෝ හතුරෙක් මහා වෛරයකට යකෙක් බැඳලා අපේ මහගෙදරට එවලා තිබුණා.
ඊට පස්‌සේ මහගෙදර හොල්මන් විමානයක් වුණා. මේ යකා එනකොට දම්වැලක් කකුලේ බැඳලා දම්වැල ඇදගෙන එන සද්දේ මුලින්ම ඇහෙනවා. මගේ ඇහැට මේ යකා දෙපාරක් දැක්‌කා. එදා පප්පා අම්මා නංගිලා, මල්ලිලා ඔක්‌කොම කලින් කෑම කාලා දොර වහගෙන නිදි. මම ඉස්‌තෝප්පුවේ ඇඳක ඇලවෙලා හිටියා. දන්නෙම නැතුව ඔරලෝසුවේ රෑ දොළහ වැදුණා. ඈතින් දම් වැලක් ඇදෙන සද්දේ ඇහෙන්න වුණා. ටිකෙන් ටික සද්දේ ළඟට ආවා. සද්දේ මම හිටපු ඉස්‌තෝප්පුවට ආවා. මම හිටපු ඉස්‌තෝප්පුවේ එක බිත්තියක් එක පැත්තකට බිමට පෙරලුණා. තව බිත්තියක් තව පැත්තකට පෙරලුණා. බිත්ති හතර පෙරළිලා වැටුණේ හතර පැත්තකට. මම මර හඬ දී ගෙන ඉස්‌තෝප්පුවෙන් පැනලා ළඟ තිබුණු සමුපකාර කඩයකට ගොඩවෙලා අතින් ලෑලිවලට ගහගෙන ගහගෙන ගියා. කඩේ මැනේජර් මට බැණ බැණ ලෑලි දෙක තුනක් ඇරියා."
"අනේ, හරි හදිස්‌සියක්. අපේ ඉස්‌තෝප්පුවේ බිත්ති හතර පැත්තට බිඳ වැටුණා. ගේ ඉවරයි. යමු පොඩ්ඩක් බලන්න. ගෙදර නිදාගෙන හිටපු අයට මොනවා වුණාද දන්නේ නෑ."
"අපි දෙන්නම ගියා. ගේ තිබුණු විදිහටම තියෙනවා. මම හිටපු ඉස්‌තෝප්පුවත් ඒ විදිහටම තියෙනවා. බිත්ති හතර පැත්තට වැටෙනවා මම ඇහැට දැක්‌කා. මම පැන ගෙන ආවේ ඒ වටින පෙට්‌ටි උඩින්. මම වටපිට බැලුවා. ගේ ළඟ ගස් අස්‌සේ කළු කොට මිනිසෙක්, මගේ ඇඟ සීතල වෙලා ගියා. අර අර ගස් අස්‌සේ ඉන්නේ"
කඩහිමියා විදුලි පන්දම රැගෙන ඒ දිහාවට විදුලි පන්දම ඇල්ලුවා. කෝ මොකෙක්‌වත් නෑ. තමුසේට විකාර. මට පේනවා මුදලාලිට මොනවත් පේන්නෑ ටික වේලාවකින් ඌ නොපෙනී ගියා. එදා මම නිදා ගත්තේ සමුපකාර කඩේ."
බණ්‌ඩාර කතාව නවතා වටපිට බලයි.
"ඇයි උඹලා බයද?"
"ඔය කාලේ වලව්වේ යකෙක් ඉන්නවා කියලා මුළු ගමේම පැතිරිලා ගියා. අපේ ගේ ළඟින් යනකොට කළු කොට අවතාරයක් දැකලා හුඟ දෙනෙක් සිහි නැතිවුණා. ඒ අයට සිහිය ආවේ යකැදුරෙක් ඇවිත් තෙල් සාත්තු කළාම."
අටවක සඳ වලාවකින් වැසී යයි. බණ්‌ඩාර දුම් ගුලියක් පිටකර බිත්තියට තදින් හේත්තු වෙයි. විද්‍යාගාරය ඉදිරිපිට ඇති මයිල ගහේ හෙවණැල්ල මිදුලේ අඩක් වසා ගනියි.
"මුලින්ම මේ යකා දැකලා තියෙන්නේ ගමේ අලිකාරයෙක්. හැන්දැවේ වැඩ ඇරිලා අලියා ගහේ බැඳලා ගෙදර යනකොට අපේ ගේ ළඟ යකඩ දම්වැලක් ඇඳෙන ශබ්දය ඇහිලා මනුස්‌සයා බයවුණා. එයා හිතුවේ අලියා කඩාගෙන එනවා කියලා. මනුස්‌සයා හැරිලා බලන කොට කළු කොට මිනිහෙක් දම්වැලක් ඇදගෙන මිදුලේ ඇවිදිනවා. එයාගේ හිත ගැස්‌සුණා. ඔයින් මෙයින් ගමේ කිසි කෙනෙක් තනිවම හැන්දෑවේ පාරට බැස්‌සේ නෑ.
ගමේම අය කතා කළේ ගමන් බිමන් ගියේ බියෙන්. රෑ පැල් රකින්ට යන පිරිමි හොල්මන්වලට බය නෑ. රා බීලා උල් පිහියක් අත් පොරොවක් කෙටේරියක් අරගෙනයි පැලට ගියේ. ටිකෙක් ටික ඌ මේ පැල් රකින අය ළඟටත් යන්න පුරුදු වුණා. රෑට පැලේ ගිනිමැලයක් ගහගෙන සීත තපින කොට යකා පැලකට ගොඩ වෙනවා."
"රාළේ ගිනි තපිනවද?" කියාගෙන එතැන ඉඳගෙන ටික වේලාවක් ගිනි තැපලා හපන්න බුලත් විටක් ඉල්ලනවා. රෑට පැලට ආපු කෙනෙකුට කවුද කියලා හොයලා බලන්නේ නැතිව සළකන එක මිනිසුන්ගේ පුරුද්ද. බුලත්විට කාලා ටික වේලාවකට ගොවිරාළ කුරහන් රොටී පුච්චනවා. බඩගිනි නෑ. තේ උඟුරක් බොමු කියලා ඌ උණු තේ බීලා නැඟිටිනවා මේ රෑ කොහේ යන්නද? ඔන්න ඔහේ හිටපන්. පැල්කාරයා කියනවා. බෑ රාළේ. වළව්වට ගිහින් එන්නම්. පොඩි බණ්‌ඩාර මහත්තයා හම්බවෙන්න ඕනකමක් තියෙනවා. මෙහෙම ටික දවසක් යනකොට පැල්කාරයොත් රෑට තනිවම පැල් රකින්න බය වුණා. යකා රෑට හේනේ පැලට ගොඩවෙලා කාලා බීලා වළව්වේ කෙනෙකුගේ නම කිව්වම පහුවදා උදේ එයා අකාලයේ මියෑදිලා ඇඟ නිල් පාට වෙලා ඇස් ඇරගෙන බයවෙලා මැරිලා."
"තවත් දවසක යකා තවත් පැලකට ගොඩවෙලා සීපද කිය කියා හිටි ගොවියෙක් එක්‌ක කතාවට වැටිලා තේත් ඉල්ල ගෙන බීලා. මට වළව්වේ සුදු මැණිකේ පණිවිඩයක් එවලා තිබුණා. රෑ වුණා වැඩියි. ඒත් ගිහින් එන්නම් කියලා පිටත්වෙලා හොඳට හිටපු ළමිස්‌සී ඉහෙන් බහින රෝගයක් තිබුණේ නැති අපේ කුඩප්පගේ දුව සුදුමැණිකේ පහුවදා වෙනකොට මැරිලා. උඹලා ඔක්‌කොම බය වෙලා වගේ"
"ඉතින් මොකද වුණේ?" ජයතිලක අසයි.
" ඉතුරු කතාව කියන්න සිගරට් එකක් දීපන්
සිගරෙට්‌ටුව දල්වා ගත් ඔහු යළි කතාව අරඹයි.
"ගමේ හුඟදෙනෙක් අපේ ගේ ළඟින් යන එක නැවැත්තුවා. ඕනෑම වුණොත් කීප දෙනෙක් එකතුවෙලයි රෑට ගියේ. දම්වැල් යකාගේ කතාව අවට ගම්වලත් පැතිරිලා ගියා. මැරූ ඔක්‌කොම අපේ පවුලේ අය. පිට කවුරුත් මැරුවේ නෑ. මරන්න ඉස්‌සර දවසේ ඌ නම කියලා ගියොත් පහුවදා උදේ එයා මැරුම් කාලා. අපේ පප්පගේ අයියලා. මල්ලිලා විස්‌සකට වැඩිය මැරුම් කෑවා. මේ ඔක්‌කොම මරණ සිද්ධ වුණේ මාස තුනක් ඇතුළත.
දන්න තරම් යන්තර මන්තර තොවිල් කළත් පවුලේ මරණ අඩු වුණේ නෑ. ඔහොම ඉන්න කාලේ එක දවසක් මම අපේ මහගෙදර ගියා. මට ඔය හොල්මන් කිසි ගාණනක් නෑ. රෑට කාලා මම ඉස්‌තෝප්පුවේ නිදා ගත්තා. ගෙදර අය ඔක්‌කොම තද නින්දේ. එක පාරටම ඉස්‌තෝප්පුවේ දොර ඇරුණා. මට හොඳට මතකයි. මම මොකද කියලා බලන්න දොර ළඟට ගියා. මගේ හිත අර පරණ සිද්ධිය මතක් වෙලා අවුල් වුණා. එකවර දොරවල් දෙකම ඇරුණ මගේ ඇගේ ඩාදිය වතුර වගේ ගලන්න වුණා. දම්වැල් සද්දේ එක්‌කම අඩි සද්දය ඇහුණා. කොට - කළු ඇඟ පුරා රෝම තියෙන ඌ ඇවිත් මා දිහා බැලුවා. ඇස් දෙක ගිනි ගුලි දෙකක් වගේ. ඌ දිව දික් කළා. රතුපාට දිව අඩි දෙකක් විතර දිගට දික්‌වුණා. දැනුත් මතක් වෙනකොට ඇඟ හිරිවැටෙනවා. මම යටි ගිරියෙන් කෑ ගැහුවා. ඒත් කටෙන් සද්දේ පිටවෙන්නේ නෑ.
විනාඩි තුනකට විතර පස්‌සේ ඇරුණු දොරවල් එක එක වැහුණා. යකා ආපසු යන සද්දේ අඩි සද්දේ දම්වැල් සද්දේ මට ඇහුණ මම බය යට කරගෙන ටෝච් එකක් අරගෙන දොර ළඟට, ගියා. මම බලන කොට ඌ ගේට්‌ටුව ඇරගෙන එළියට යනවා. මට සිහිය ආවේ දවස් දෙකකට පස්‌සේ, තෙල් මතුරලා නූල් බැන්දට පස්‌සේ. මේ වන කොට අපේ පවුලේ තව ඉතිරිවෙලා හිටියේ පප්පයි තව එක බාප්පා කෙනෙකුත් විතරයි. ඒ දෙන්නටත් උණ හැදිලා දොඩවනවා. මෙහෙම ඉන්න කොට යන්තර මන්තර ගුරුකම් වලට නම් දරාපු හාමුදුරු කෙනෙක් ගැන පණිවිඩයක් ලැබුණා. අපි හාමුදුරුවෝ මුණ ගැහෙන්න ගියා. හාමුදුරුවෝ තෙල් - නූල් මතුරලා දුන්නා. ඒවා ගෑවම දෙන්නගේම උණ බැස්‌සා. ගෙවල් ළඟ තියෙන කතරගම දේවාලයකට ගිහින් පප්පයිs බාප්පයි එක් කරගෙන ගිහින් යාතිකා කරලා හාමුදුරුවෝ මන්ත්‍ර බලෙන් ලෙඩ්ඩු සනීප කරලා ඒ දෙන්නගේ ජීවිත රැකලා දුන්නා. ඊට පස්‌සේ අපිට ඕනෑ වුණා කවුද මේ යකා? ඇයි මෙහෙම වුණේ කියලා? දැනගන්න. හාමුදුරුවෝ නමක් බැලුවා. අපේ නමෙන් කියපු දේ හරි පුදුමයි. පප්පගේ ලොකු අක්‌කා කෙනෙක් හිටියා. නෑකමට මගේ ලොකු නැන්දා. මේ නැන්දා බැඳලා දුන්නේ මාතලේ දුහුල්ලෑව නැන්දාට දෙනවා කියලා පොරොන්දු වෙච්ච දෑවැද්ද පවුලේ අය එකතුවෙලා දුන්නේ නෑ. මනමාලයා රවට්‌ටලා.
තරහා ඉහවහ ගිය මනමාලයා නැන්දගේ පරම්පරාවෙන්ම පලිගන්න පරම්පරාව නැති කරන්න යකෙක් බැඳලා එවලා. තුන්මාසෙකදී පවුලේ ඔක්‌කොම නැති කරන්න ඌට පවරලා."
හාමුදුරුවෝ ඊළඟට බැලුවා කවුද මේ දම්වැල බැඳපු යකා කියලා. දැන් අවුරුදු දෙසීයකට විතර ඉස්‌සර මේ පැත්තේ අපේ මුතAතා වන රටේ මහත්තයෙක් ඉඳලා තියෙනවා. මේ රටේ මහත්තයාට හිටිය ඉටි රූපේ වාගේ ලස්‌සන දුවක්. දුටු දුටු අය එයාගේ රූපෙට වශී වුණා. දවසක් වලව්වට ආපු කුලෙන් අඩු තරුණයෙක් මේ දුව දැකලා හිත ගිහින්. ඒත් ඒක වෙන දෙයක් නොවෙයි. ඒ දවස්‌වල ගම්වල කුල බේදය බොහෝම දරුණුයි.
අර තරුණයා වලව්වට යන එන රිදී නැන්දා අතේ රටේ මහත්තයාට විවාහ යෝජනාවක් යෑව්වා. රටේ මහත්තයාට ඇති වුණේ පුදුම කේන්තියක්. ඔක්‌කොම අවුල් වලට මුල මේ හැතිරී කියලා අර තමුන්ගේ ඉටි රූපේ වාගේ ලස්‌සන දුව අපේ වලව්ව ඉස්‌සරහා තිබුණු වතුර වළක බලෙන් ඔබාගෙන හිටියා. එයා වතුර පෙවිලා පියා එක්‌ක වෛරයෙන් මිය ගියා.
දැන් පරම්පරාවෙන් පලිගන්න පරම්පරාවේ විසිදෙනෙක් බිලි ගත්තු යකා වෙලා උපන්නේ රටේ මහත්තයා. දියේ ගිල්ලවලා මරපු එයාගේ දුව. අන්තිමේ පරම්පරාවෙන් ඉතිරි වුණේ අපේ පප්පයි අපේ බාප්පයි විතරයි යකාගෙන් බේරිලා ඉතිරි වුණේ."
"උඹලා දැන් හොඳටම බයවෙලා නේද ඉන්නේ? බය නම් යන්න එපා ගෙවල්වලට. මේ ඇවිත් තියෙන කෑම ටික බෙදාගෙන කාලා විද්‍යාගාරයේ නිදා ගනිල්ලා." බණ්‌ඩාර කතාව නවත්වයි. අටවක සඳ වැසී ගොස් කළු වලා අහස පුරා පැතිර ඇත, බණ්‌ඩාර කිවු කතාව මාස ගණනක් යනතුරු අපේ හිත්වල මැවී පෙනුණි. ඒ මතකය අදටත් ඉතිරිව ඇත.
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂ
එස්. කේ. ජයවර්ධන